ගුවන් හමුදාවෙන් මී මැසි පාලන වැඩසටහනක්
1:55pm on Thursday 7th November 2019
ගුවන් හමුදාපතිතුමන්ගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මී මැසි පාලනය සංවර්ධනය කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ හා පුහුණු කිරීමේ වැඩසටහනක් පසුගිය  නොවැම්බර් මස 2 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී.මෙම අවස්ථාව සදහා සියලුම ගුවන් හමුදා කදවුරු නියෝජනය කරමින් ගුවන් හමුදා සාමාජිකයන් 300 ක් පමණ සහභාගී විය.

විධායක කෘෂි ඒකකය හා ගෲප් කැප්ටන් නලින් ද සිල්වා (විශ්‍රාමික) විසින් ලංකා මී පැනි පුද්ගලික සමාගම සමග එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.මෙම වැඩසටහනේ පරමාර්ථය වූයේ ගුවන් හමුදා සේවක පුද්ගලයින් හට පිරිසිදු පෝෂ්‍යදායී ස්වාභාවික නිෂ්පාදන භුක්ති විඳීමට සහ රටේ පරිසරය හා ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට අවස්ථාව උදාකිරීමයි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි