ගුවන් හමුදාව ජාතික දුනු විදීම්මේ තරගාවලියේ විශිෂ්ඨ දස්කම් දක්වයි
2:55pm on Thursday 9th December 2010
පසුගිය 04 සහ 05 යන දිනයන්හිදී සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති 11 වන ජාතික දුනු විදීමේ තරගාවලියේදී ගුවන් හමුදාව රන් පදක්කම් දෙකක්, ලෝකඩ පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් තුනක් දිනා ගැනීමට සමත් විය.

තම හැකියාවන් තුලින් ගුවන් හමුදාවේ අභිමානය ඉදිරියට රැගෙන යාමට දුනුවිදීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරගාවලියේදී සමත්වීම පැසසිය යුතුවේ. විවෘත, කණ්ඩායම් සහ ෆිටා ඔලිම්පික් පරිසාදන මට්ටමේ තරග අදියරයන් වලදී දස්කම් දැක්වීමට ඔවුන්ට හැකිවිය.

පිරිමි විවෘත තරගයේදී ගුවන් භට සෙනවිරත්න එන්.එන් හට ගුවන් හමුදාව වෙනුවෙන් පළමු රන් පදක්කම ලබා ගැනීමට හැකිවිය. ෆිටා ඔලිම්පික් පරිසාදන මට්ටමේ මීටර 70 දුර තරග අදියරේ කාන්තා අංශයෙන් දෙවන රන් පදක්කම හිමි කර ගැනීමට ගුවන් කාන්තා සල්ගාදු සමත්විය.

තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස ප්‍රවාහන අමාත්‍යය ගරු සී බී රත්නායක මැතිතුමා සහභාගී විය.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි