මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරීන්හි නිරතව සිටි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බලඇණියේ නව අණදෙන නිළධාරී වැඩභාරගනී
9:36am on Thursday 28th November 2019
මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරීන්හි නිරතව සිටි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බලඇණියේ හිටපු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ඩබ්ලිව් ආර් ඩී සොයිසා විසින් ගුවන් හමුදා බලඇණියේ අණදෙන නිළධාරී ධූරයෙහි වැඩකටයුතු නව අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් කේඑම් වන්නිආරච්චි හට භාරදීමේ පෙළපාලිය 2019 නොවැම්බර් මස 19 වන දින  බලඝණ මූලස්ථානයේදි පවත්වන ලදී. මෙහිදී ධුරයෙහි රාජකාරීන් නිළවශයෙන් භාරදීම සංකේතවත් කරමින් යෂ්ඨිය භාරදීම සිදු කරන ලදී.

පෙළපාළියෙන් පසුව බලඇණියේ නව අණදෙන නිළධාරී බලඝණයේ බෞද්ධ සිද්ධස්ථානයේ පැවති ආගමික කටයුතුවලට සහභාගී විය. පසුව අණදෙන නිලධාරින් දෙදෙනා තම කාර්යාලයේදී ලිඛිතව තම රාජකාරීන් භාරදීම සිදු කරන ලදී.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි