ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් නිවාස ප‍්‍රදානයක්
3:04pm on Tuesday 18th February 2020
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින්  සාදා නිමකරන ලද නව නිවසක්  බලලත් නිළධාරී එන්ඩීයූ හේමන්ත හට ප‍්‍රදානය කිරීම 2020 පෙබරවාරි මස 16 වන දින සීගිරිය ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් ඩීසීඩීබී අල්විස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් නාවලපිටියේ දී සිදු කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයන ලද අතර ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය සහ සීගිරිය ගුවන් හමුදා කඳවුර මගින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී. සමස්ථ ව්‍යාපෘතියේ අධීක්‍ෂණ කටයුතු සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකය මගින් සිදුකරන ලදී.

නිළධාරීන් සෙසු නිළයන් සහ සේවා වනිතා ඒකයේ සමාජිකාවන් ඇතුලු පිරිසක් මෙම අවස්තාවට සහභාගී වූහ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි