ගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය ගිනි නිවීමේ පුහුණු සරඹයක් සාර්ථකව නිම කරයි
8:39am on Sunday 19th December 2010
ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිණි නිවීමේ සහ ජීවිත ගලවා ගැනීමේ ඒකකය සහ ගිණි නිවාරන දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව ශ්‍රී ලංකා මහ බැංකු සංකීර්ණයේදී ජීවිත ගලවා ගැනීමේ සහ ගිණි නිවීමේ පුහුණු වැඩ සටහනක් සාර්ථකව නිම කරන ලදී.

මෙහිදී මූලිකවම මෙම ගොඩනැගිල්ලේ රාජකාරීන් කරන පුද්ගලයින් සදහා ගින්නක් ඇතිවූ විගස ක්‍රියාකල යුතු ආකාරය පිළිබද අවබෝධයක් ලබා දීම සදහා මෙම වැඩසටහන ක්‍රියාහ්මක කරන ලදී

මෙම පුහුණු වැඩසටහනේදී ගොඩනැගිල්ලේ සිටින පිරිස අවස්ථානුකූලව තුන් ආකාරයකින් බේරා ගැනීමට ගිණි නිවීමේ ඒකකය සැලසුම් කල අතර ප්‍රථමයෙන් ගොඩනැගිල්ලේ ඉහල මාල වල සිරවී සිටින පුද්ගලයින් කබ ආධාරයෙන් විශේෂ ක්‍රමයන්ටත්, ගිණි නිවීමේ විශේෂ රථ උපයෝගී කරගෙන එහි ඇති ඉනිමං ආධාරයෙන් ඉහල මාල වල සිටින පිරිස පහලට ගෙන ඒමත්, පහල මාලවල සිරවී සිටින පුද්ගලයින් භූමියෙහි ස්ථාන ගත කර තිබූ පුරවන ලද වේදිකාවක් මතට පැන තම ජීවිත බේරා ගන්නා ආකාරය පිළිබද දැනුවත් කරන ලදී

මෙම ඒකාබද්ධ ගිනි නිවීමේ ක්‍රියාවලිය සහ ගලවා ගැනීමේ වැඩසටහන කාර්යක්ෂමව නිම කිරීමට විනාඩි 30 ක පමණ කාලයක් ගත විය. මෙම පුහුනු සරබය ගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය භාර නිලධාරී විංග් කමාණ්ඩර් ජයසිංහගේ උපදෙස් මත අංශ භාර නිළධාරී බලඝණ නායක සීජී හෙට්ටිආරච්චිගේ මග පෙන්වීමෙන් ක්‍රියාත්මක විය.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි