ගුවන් බාලදක්ෂයින් අන්තර්ජාතික මව් භාෂා දිනය සහ ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ දින සැමරුමට සහභාගී වෙයි
9:41am on Friday 28th February 2020
අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කොලඹ නිදහස් චතුරස‍්‍රයේදී 2020 පෙබරවාරි මස 21 වන දින පැවති ”අන්තර්ජාතික මව් භාෂා දිනය සහ ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ දින” සැමරුම පවත්වන ලදී.

මෙම වැඩසටහන ශ‍්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ‍්‍රී ලංකා බාලදක්ෂ සම්මේලනය මගින් සංවිධානය කරන ලදී. රත්මලාන ගුවන් හමුදා කඳවුරේ, කටුනායක ගුවන් හමුදා කඳවුරේ සහ ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ ගුවන් බාලදක්ෂයින් මෙම වැඩසටහන සහභාගී වූහ.

රත්මලාන ගුවන් හමුදා කඳවුරු 25 වන ගුවන් බාලදක්ෂ කණ්ඩායමේ ගුවන් බාලදක්ෂයින් සහ බාලදක්ෂ නායකයින් 43 දෙනෙකු 2020 පෙබරවාරි මස 22 වන දින පිලියන්දල ප‍්‍රාථමික විද්‍යාලයේ පැවති ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ දින සැමරුමට සහභාගී වූහ. ශ‍්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මොරටුව පිලියන්දල දිස්ත්‍රික් ශාඛාව විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි