"ගුවන් හමුදා පාපැදි සවාරිය" ලගදීම
11:13am on Thursday 23rd December 2010
60 වන ගුවන් හමුදා වර්ශ පූර්ණ සංවත්සරයට සමගාමීව ගුවන් හමුදා පාපැදි සවාරිය දින හතරක් පුරාවට ක්‍රියාත්මක කිරීමට ගුවන් හමුදාව සූදානමින් සිටී. 2011 ජනවාරී මස 19 දින වවුනියාවෙන් ආරම්භවී මින්නේරිය, නුවර, කොළඹ පසුකර ජනවාරී 22 දිනකොග්ගල ගුවන් හමුදා කදවුර අසලින් ගුවන් හමුදා පාපැදි සවාරිය අවසන් කිරීමට සංවිධායක මණ්ඩලය කටයුතු සූදානම් කර ඇත.

පළමු දිනය (2011 ජනවාරි මස 19
වවුනියාව කදවුර අසලින් ආරම්ඹවී මැදවච්චිය, අනුරාධපුරය, මරදන් කඩවල, හඹරන හරහා කදුරුවෙල දක්වා

දෙවන දින - 2011
ජනවාරි මස 20
මින්නේරියසිට හඹරන, දඹුල්ල, මාතලේ, කටුගස්තොට, නුවර දක්වා

තෙවන දින - 2011
ජනවාරි මස 21
නුවර සිට කඩුගන්නාව, අඹේපුස්ස, වරකාපොල, කඩවත,කිරිබත්ගොඩ,කොලඹ දක්වා

හතර වන දින - 2011
ජනවාරි මස 22
කොළඹ සිට පානදුර , කළුතර, හික්කඩුව, ගාල්ල, කොග්ගල කදවුර අසලින් අවසන්වේ

ශ්‍රී ලංකාවේ අංක 01 පාපැදි තරගාවලියක් වන මෙම තරගාවලිය ශ්‍රී ලංකා පාපැදි සංගමය සමග එක්ව සංවිධානය කරයි. තරගාවලියේ ජයග්‍රාහකයින් වෙනුවෙන් වටිනා මුදල් ත්‍යාග ප්‍රධානය කිරීමට සංවිධායක මණ්ඩලය සුධානමින් සිටී.

තරගාවලිය හා සමගාමීව 19 දින (පළමු දින ) රාත්‍රී මින්නේරිය , හිගුරක්ගොඩගුවන් හමුදා කදවුරේදී සංගීත ප්‍රසංගයක් සංවිධානය කිරීමට හිගුරක්ගොඩ ගුවන් හමුදා කදවුර කටයුතු කර ඇත.

තරගාවලිය සදහා අනුග්‍රහ කටයුතු හෝ අයදුම්පත් සදහා ගුවන් හමුදා ආපැදි සංචිතයේ ලේඛම් ගෲප් කපිතාන් එන් කේ ඒ සේනාරත්න පහත අංකයන් අමතා විස්තර ලබාගත හැක.

දු.අංක : 2343966 , 077 222 9325, 071 4164252



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි