අංක 3 හෙලි බෝර්න් මෙහෙයුම් පාඨමාලාවේ සහතික ප්‍රදානය කිරීමේ උත්සවය
3:35pm on Tuesday 24th March 2020
අංක 3 හෙලි බෝර්න් මෙහෙයුම් පාඨමාලාවේ සහතික ප්‍රදානය කිරීමේ උත්සවය පසුගිය මාර්තු මස 06 දින  ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව රෙජිමේන්තු විශේෂ පුහුණු පාසැලේදී සිදුකරන ලදී.

මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් රෙජිමේන්තු විශේෂ පුහුණු පාසලේ අණදෙන නිලධාරී ස්කොඩ්රන් ලීඩර් සුමිත් බන්ඩාර සහභාගී වූ අතර  මෙම අවස්ථාවට රෙජිමේන්තු විශේෂ පුහුණු පාසලේ ප්‍රධාන උපදේශකල ස්කොඩ්රන් ලීඩර්  ශාන්තා ඔෙබ්සේකර රෙජිමේන්තු විශේෂ පුහුණු පාසලේ නිලධාරීන් සහ උපදේශකයින් සහභාගී වූහ.

මෙම පාඨමාලාව සති තුනක කාලයක් පුරා පැවති අතර ඒ සඳහා ලණු භාවිත කරමින් සිදුකරන පුහුණුවීම් සහ කුළුණු මත සිට සිදු කරනු ලැබූ පුහුණුව ගුවන් යානා භාවිතයෙන් සිදුකරනු ලබන බේරා ගැනීමේ පුහුණු ක්‍රම ගුවන් යානා පුහුණු අභ්‍යාස  ගුවන් කාර්ය මණ්ඩලය සන්නිවේදනය හෙලිපෑඩ් තෝරා ගැනීම සහ සලකුණු කිරීම බෙල් 212 හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් සිදුකරනු ලබන හෙලිකොප්ටර් රැප්ලිං අභ්‍යාස ද ඇතුලත් වෙනවා. තවද අවසාන පුහුණු අභ්‍යාසය ලෙස වනාන්තරයක් වෙත කඩා වැටුණු ගුවන් යානාවක්  අනුකරණය කරමින් ගුවන් යානා සාමාජිකයින් බේරා ගැනීම් සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අභ්‍යාසයක් ද පවත්වන ලදී.

මෙම සියළුම පුහුණු අංගයන් ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් හියුමාල් ධර්මදාස මහතාගේ හා ගුවන් හමුදා මොරවැව විශේෂ රෙජිමේන්තු පක්ෂාංග අණදෙන නිළධාරී වින්ග් කමාන්ඩර් එච් එම් තුසිත නන්දකුමාර මහතාගේ අධීක්ෂනය හා මෙහෙයවීම මත සිදුකරන ලදී.

අංක 3 හෙලි බෝර්න් මෙහෙයුම් පාඨමාලාව සඳහා සාමාජිකයින් 32 ක් සහභාගී වූ අතර යුධ හමුදා කොමාන්ඩෝ බලඇනියේ සාමාජිකයින් 04 ක් යුධ හමුදා විශේෂ බලකායේ සාමාජිකයන් 04 ක් නාවික හමුදා විශේෂ බලකායේ සාමාජිකයින් 04ක් පොලිස් විශේෂකාර්ය බලකායේ සාමාජිකයින් 04ක් හා ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකායේ සාමාජිකයින් 12 ක් මේ සඳහා සහභාගිවිය. 

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි