මීරීගම කදවුරු වාර්ෂික සුහද හමුව හා ළමා උළෙල සාර්ථකව නිමාවේ
8:23am on Friday 31st December 2010
ගුවන් හමුදා මිරීගම කදවුරු සේවා පුද්ගලයින්ගේ වාර්ෂික සුහද හමුව හා ළමා උළෙල පසුගියදා (21) සාර්ථකව හා වර්නවත් අයුරින් නිමාවට පත්විය.

ප්‍රධාන ආරාධිත අමුත්තාලෙස  පැමිනි මිරීගම කදවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ජනක කරුණාරත්න සම්ප්‍රධායික පොල්තෙල් පහන දල්වමින් උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

කදවුරු සේවා පුද්ගලයන්ගේ පෙර පාසල් දරුවන් ආකර්ශනීය නැටුම් ගැයුම් ඉදිරිපත් කරමින් පැමින සිටි පිරිස ආකර්ෂනය කර ගැනීමට සමත් වූ අතර, ඔවුන් සදහා විනෝද ක්‍රීඩා රැසක් ද සංවිධානය කර තිබුනි.ගිණිකෙලි සංදර්ශනය හා ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද සංදර්ශනය පැමින සිටි පිරිස අමන්නානන්දයට පත්කල අයුරු කාගෙත් කතා බහට ලක්විය.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි