සීගිරිය කඳවුරු වාර්ෂික සුහද හමුව හා ළමා උළෙල
4:56pm on Monday 3rd January 2011
වාර්ෂික සුහද හමුව සහ ළමා සාදය 2010 දෙසැම්බර් මස 28 වන දින සීගිරිය ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේදී උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි.මෙම අවස්ථාවට සේවා හා සිවිල් පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් සහභාගි වීම විශේෂත්වයකි.

කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව දියත් කළ මානුෂීය මෙහෙයුමේදී මිය ගිය, විවිධ ආබාධයන්ට ලක් වු පවුල්වල සාමාජිකයින්ද  කඳවුරු නිළ නිවස්නවල ජීවත් වන පවුල්වල සාමාජිකයින්ද මෙම උත්සවය තව තවත් වර්ණවත් කිරීමට දායකත්වය ලබා දීම පැමිනි සියල්ලන්ගේම අවධානයට හා කථාබහට ලක් වු සිදුවීමකි. තවද විවිධ කලා අංගයන්ගෙන් උළෙල වර්ණවත් විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි