ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයට මුදල් පරිත්‍යාග කරයි
10:35am on Tuesday 23rd June 2020
ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය  පසුගිය ජුනි මස 8 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා සේවා වනිතා ඒකකයට නොමසුරු මුදල් පරිත්‍යාගයක් කළේය.මෙම පරිත්‍යාගය චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක සීනියර් කර්නල් වන් ඩොන්ග්ගේ නායකත්වයෙන් යුත් චීන දූත පිරිසක් විසින් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා වෙත ගුවන් හමුදා මුලස්ථානයේදී ලබා දෙන ලදී.

මෙම පරිත්‍යාගය  සේවා වනිතා ඒකකය විසින් මෙහෙයවනු ලබන පෙර පාසල්  සංවර්ධනය කිරීමට සහ සේවා වනිතා ඒකකය හරහා ගුවන් හමුදා සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයින් සවිබල ගැන්වීමට යොදා ගැනේ.මෙහිදි ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් ගුවන් හමුදාපතිතුමන් සිය ස්තූතිය පළ කළේය.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි