අංක 64 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප‍්‍රදානෝත්සවය
8:06am on Wednesday 22nd July 2020
අංක 64 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප‍්‍රදානෝත්සවය 2020 ජූලි මස 16 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කණිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාලීය ශ‍්‍රවනාගාරයේදී පැවැත්විණි.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පරිපාලන අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් ආර්එස් බියන්විල මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම පාඨමාලාව සති 10 ක් පුරාවට පැවැත්වුනු අතර නිලධාරීන් 2 දෙනෙකු විසින් මෙම පාඨමාලාව හදාරන ලදී. ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ ස්කොඩ්‍්රන් ලීඩර් සහ ෆලයිට් ලෙෆ්ටිටනන් නිළයේ නිළධාරින් මෙම පාඨමාලාව සදහා සහභාගී වූහ.

මෙම පාඨමාලාව ආරම්භ වීමට නියමිත වූයේ 2020 අපේ‍්‍රල් මස 01 වන දින වන අතර කොවිඩ් වසංගත තත්වය හමුවේ එය ප‍්‍රමාද වූ නමුදු ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් මත චීන වරාය විද්‍යාපීඨ අණදෙන නිලධාරී එයාර් වයිස් මාෂල් උදේනි රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ කණිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාල අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ගිහාන් සෙනෙවිරත්න මහතා ගේ මූලිකත්වයෙන් තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂකයේ සහයෝගයෙන් මෙම පාඨමාලාව 2020 මැයි මස 04 වන දින ඊ-අධ්‍යාපන ක‍්‍රමවේදයකට ආරම්්භ කරන ලදී.

සති 06 ක ඊ-අධ්‍යාපන ක‍්‍රමවේදයක් යටතේ පැවැත්වූ මෙම පාඨමාලාව නැවතත් සති 04 ක කාලයක් කණිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාලයේදී සිදුකරන ලදී. මෙම පාඨමාලාව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධව සිදුකරණ ලද අතර මෙහි විශිෂ්ඨ දස්කම් දක්වන නිළධාරීන් උදෙසා ආරක්ෂක කළමනාකරණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් පිරිනැමීමට කටයුතු කරනු ලැබ්.  

මෙම අවස්ථාව අමතමින් පරිපාලන අධ්‍යක්ෂ තුමන් ප‍්‍රකාශකර සිටියේ  ගුවන් හමුදාවට සහ ජාතියට ආරක්ෂාව පිළිබඳ වඩා හොඳ දැනුම ලබා ගැනීමේ වැදගත්බවයි.

මෙහිදී  පරිපාලන අධ්‍යක්ෂ තුමන් අතින් නිළධාරීන් 27 දෙනෙකු සහතික පත් ලබාගත් අතර උපාධි ප‍්‍රදානෝත්සවයේදී විශේෂ සම්මාන ලබාගත් නිලධාරීන්ගේ නාම ලේඛණය සඳහා ඉංගී‍්‍රසි පරිවර්ථනයේ බලන්න.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි