රාජකීය ගුවන් හමුදා ප‍්‍රධර්ශනය මෙවර අන්තර් ජාලය ඔස්සේ, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවත් එක්වේ
8:20am on Wednesday 22nd July 2020
වර්තමානයේ පවතින කොරෝනා වසංගතය හේතුවෙන් මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබූ රාජකීය ගුවන් හමුදා ප‍්‍රධර්ශනය මෙවර අන්තර් ජාලය ඔස්සේ විකාශනය කිරීමට පියවර ගත් අතර ඒ සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා නියෝජනයක්ද ලබාදෙන ලදී. මෙම වැඩසටහන පසුගිය ජූලි මස 18 හා 19 යන දෙදින පුරා පැවැත්විණි.

මෙම වැඩසටහන අන්තර් ජාලය ඔස්සේ නොමිලේ නැරඔමට සලස්වා තිබුණු අතර චිත‍්‍රා ගාරයක් තුල සියලු වැඩසටහන් විකාශය කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ මග පෙන්වීම මත මේ සඳහා සහභාගී වූ අතර මෙවන් ගුවන් හමුදා ප‍්‍රධර්ශනයක් සඳහා සහභාගීවන ප‍්‍රථම ගුවන් හමුදාධිපති වරයාද වන්නේ මෙතුමායි. අංක 2 බර ප්‍රවාහන බලඝ ණයේ වීඩියෝ පටයක්  මගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය බලඝ ණයේ විශිෂ්ඨත්වය ප්‍රදර්ශනය කරන ලදී.  මිලියන ගනනක පරිශීලකයින් පිරිසක් මෙය නැරඹූ අතර ලෝකයේ රටවල් ගනනාවක් තම ගුවන් හැකියාව මෙහිදී ප‍්‍රධර්ශනය කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි