නාලන්දා රණවිරු උපහාර උත්සවය සඳහා ගුවන් හමුදාධිපති තුමන් සහභාගිවේ
9:41am on Saturday 1st August 2020
නාලන්දා විද්‍යාලීය කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය විසින් 19 වන වරට සංවිධානය කරනු ලැබු රණවිරු උපහාර උත්සවය 2020 ජූලි මස 29 වනදින විද්‍යාලීය රණිවරු ස්මාරකය අභියසදී පැවැත්විණි.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය. එසේම රටදැය වෙනුවෙන් තම දිවි පූජා කල නාලන්දා පුතුන්ගේ පවුල්වල සාමාජිකයින්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

එසේම රණවිරු ස්මාරකය අභියසදී පුෂ්පෝපහාර දැක්වීම සිදුකරන ලද අතර මෙම උත්සව අවස්ථාව සඳහා විද්‍යාලීය සිසුන්, ගුරුමහත්ම මහත්මීන්, ආදි ශිෂ්‍ය ති‍්‍රවිධ හමුදා නිළධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි