සීගිරිය ගුවන් හමුදා කඳවුරු සත්කාරක කළමනාකරණ පාසල මගින් පුහුණු උපදේශකයින් සඳහා පුහුණු වැඩසටහනක්
4:45pm on Tuesday 25th August 2020
සැපයුම් අධ්‍යක්ෂ එයාර්  වයිස් මාර්ෂල් ඩබ්එම්කේඑස්පී වීරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ හා පුහුණු අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් එම්ඩීඒපී පායෝ මහතාගේ  අධීක්‍ෂණය මත සත්කාරක කළමනාකරණ පාසල මගින්  සැපයුම් වෘත්තීය පුහුණු උපදේශකයින් සඳහා විශේෂ ඉංග‍්‍රීසි භාෂා පුහුණු වැඩසටහනක් සීගිරිය ගුවන් හමුදා කඳවුරු සත්කාරක කළමනාකරණ පාසලේදී පවත්වන ලදී. 2020 ජූලි මස 06 වන දින සිට 2020 අගෝස්තු මස 05 වන දින දක්වා මාසයක පමණ කාලයක් මෙම පුහුණු පාඨමාලාව පවත්වන ලද අතර .මෙහිදී ලබාදෙන ඉංග‍්‍රීසි දැනුම උසස් සහ ඉතා විශ්වාසයකින් යුක්තව ඔවුන්ගේ වෘත්තීය පුහුණු උපදේශක රාජකාරීන්හි නියැලීමට උපයෝගී කරගැනීම මෙම පාඨමාලාවේ අරමුණ වෙයි.

මෙම පාඨමාලාව උපදේශකයන්ගේ ඉංග්‍රීසි භාෂා නිපුණතාවය විවිධ අංශවලින් පොහොසත් කිරීම සඳහා සන්නිවේදන නිපුණතා සංවර්ධනය, අත්‍යවශ්‍ය ව්‍යාකරණ අවශ්‍යතා, භාෂා නිපුණතා සංවර්ධනය සහ ඉගැන්වීමේ පිළිවෙත් යනුවෙන් කොටස් 4 ක් යටතේ පවත්වන ලදී.

සත්කාරක කළමනාකරණ පාසලේ ඉංග්‍රීසි උපදේශක ස්කොඩ්රන් ලීඩර් පීඑම්ටීයූ බණ්ඩාරා පාඨමාලාවේ පහසුකම් සපයන්නා ලෙස පුහුණුවන්නන්ට විශාල දිරිගැන්වීමක් ලබා දුන් අතර ගෲප් කැප්ටන් තුෂාර ප‍්‍රනාන්දු, ගෲප් කැප්ටන් සමන් දසනායක සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් අරෝෂ රාජපක්‍ෂ පුහුණු වැඩසටහන සඳහා කථිකාචාර්යවරුන් ලෙස නිශ්චිත විෂය ක්ෂේත්‍රයන් පිළිබඳ දේශන පැවැත්වීය.

සීගිරිය ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරි වින්ග් කමාන්ඩර් චින්තක අල්විස්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ  සලාක සහායක උසස් පාඨමාලාව සහ භෝජනාගාර භාරකරු උසස් පාඨමාලාවන් හි සහතික පත් ප‍්‍රදානය කිරීම 2020 මැයි මස 21 වන දින සීගිරිය ගුවන් හමුදා සත්කාරක කළමනාකරණ පාසලේදී පවත්වන ලදී. සම්පූර්ණ පාඨමාලාව පුරාවටම ඒකල වෘත්තීය පුහුණු පාසලේ අධ්‍යාපන අංශය සමග සජීවී වීඩියෝ සන්නිවේදන සම්බන්ධතාවයක් පවත්වාගෙන යන ලදී.

පාඨමාලාවේ සහතික පත‍්‍ර ප‍්‍රධානෝත්සවය 2020 අගෝස්තු මස 06  වන දින සීගිරිය ගුවන් හමුදා කඳවුරු සත්කාරක කළමනාකරණ පාසලේදී  සීගිරිය කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් හර්ෂ නානායක්කාර ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. හිඟුරක්ගොඩ නිළධාරී අණදෙන සැපයුම්, විංග් කමාන්ඩර් ආර්එම්ඩීඅයි රනදේව, සීගිරිය ගුවන් හමුදා කඳවුරු සත්කාරක කළමනාකරණ පාසලේ ප‍්‍රධාන උපදේශක විංග් කමාන්ඩර් බුද්ධික කුලරත්න, නිළධාරීන් සහ සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි