ගුවන් හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ නාවික හමුදාව ඒකාබද්ධ මෙහෙයුමකින් මුතුරාජවෙල මහාපරිමාණ අනවසර මත්පැන් ස්කාගාරයක් වටලයි
1:42pm on Monday 7th September 2020
ගුවන් හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ නාවික හමුදාව ඒකාබද්ධව සිදුකරන ලද මෙහෙයුමකින්, මුතුරාජවෙල ප‍්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන ගිය මහාපරිමාණ අනවසර මත්පැන් ස්කාගාරයක් වැටලීම 2020 අගෝස්තු මස 28 වන දින සිදුකරන ලදී. මෙම ස්කාගාරය ගුවන් හමුදාවේ ගුවන් නිරීක්‍ෂණ මෙහෙයුම් මගින් ගුවනින් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ගොඩබිමින් නිරීක්‍ෂණය කර සනාථ කරන ලදී.

සුරක්‍ෂිත ජාතියක්, විනයගරුක, ගුණවත් හා නීත්‍යානුකූල සමාජයක් බිහිකිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය ශ‍්‍රී ලංකාවේ නීතිවිරෝධී මත්ද‍්‍රව්‍ය බෙදාහැරීම සහ නීතිවිරෝධී මහා පරිමාණ මත්පැන් නිශ්පාදනාගාර වැනි නීතිවිරෝධී ක්‍රියාවන් මැඩපැවැත්වීමේ අභිප්‍රාය ඇතිව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් පිහිටුවන ලදී.

සුරක්‍ෂිත ජාතියක්, විනයගරුක, ගුණවත් හා නීත්‍යානුකූල සමාජයක් බිහිකිරීමේ අරමුණු පෙරදැරිව පිහිටුවන ලද ජනාධිපති කාර්ය සාධක බලකා ප‍්‍රධානී විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ උපදෙස් පරිදිල ගුවන් හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ නාවික හමුදාව එක්ව මෙම නීතිවිරෝධී මහා පරිමාණ මත්පැන් ස්කාගාරය වැටලීම සිදුකරන ලදී. ඒ අනුව නාවික හමුදාවේ විශේෂ බෝට්ටු බලගණය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මුතුරාජවෙල වන රක්‍ෂිතයේ හඳුනාගත් සතානය වැටලීම සිදු කරන ලදී. ගුවන් හමුදාවේ අංක 7 බලඝණයේ බෙල් 212 හෙලිකොප්ටර් යානාවක් මගින් පොලිස් විශේෂ කාර්ය බලකා භටයින් ගුවනින් එම ස්තානය වෙත ගොඩ බැස්සවීම සිදුකරන ලද අතර නාවික හමුදාවේ විශේෂ බෝට්ටු බලගණය මගින් ජලමාර්ග ඔස්සේ එම ස්ථානයේ වැටලීම සිදුකරන ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි