ගුවන් හමුදාධිපතිතුමන් වව්නියාව ගුවන් හමුදා කඳවුරෙහි සිය වාර්ෂික පරීක්‍ෂණය සිදුකරයි
12:12pm on Friday 11th September 2020
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා වව්නියාව ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය 2020 අගෝස්තු මස 28 වන දින සිදු කරන ලදී. කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එල්සී දිසානායක  විසින් ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරු පරිශ‍්‍රය වෙත පිළිගනු ලැබූ අතර ගුවන් හමුදාධිපති ස්ම්මාන පිරිනැමීමක්ද සිදු කරන ලදී. වාර්ෂික පරීක්‍ෂණ පෙළපාලිය  ගුවන්හමුදාධිපතිතුමන් විසින් නිරීක්‍ෂණය කරන ලදී.

මෙවර කඳවුරු පරීක්‍ෂණයේදී බලපන්ති සැරයන් ශ‍්‍රීලාල් කේ සහ නායක ගුවන් භට ඒකනායක පීඩීපී  විසින් සිදු කරන ලද විශිෂ්ට සේවාව වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන් විසින් ඇගයීමට ලක්කරන ලදී.

කඳවුරු පරීක්‍ෂණය අතරතුරදී ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරේ සියළුම ස්ථාන සිය නිරීක්‍ෂණයට භාජනය කරන ලදී.  

කඳවුරු පරීක්‍ෂණය අවසානයේ ගුවන් හමුදාධිපතිතුමන් විසින් පරීක්‍ෂණය සඳහා කඳවුර සූදානම් කිරීම වෙනුවෙන් සහ ගුවන් හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සියළු දෙනා දක්වන ලද සුවිශිෂ්ඨ දායකත්වය අගයමින් සියළු නිළයන් අමතා ස්තුතිය පුද කර සිිටින ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි