ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ලෝක පොල් දිනය සමරයි
3:07pm on Tuesday 15th September 2020
වර්ථමානයේ අන්තර්ජාතික පොල් ප‍්‍රජාව වශයෙන් හඳුන්වන 1969 වර්ෂයේදී අන්තර් රාජ්‍ය ආයතනයක් වශයෙන් පිහිටුවන ලද ආසියා පැසිෆික් පොල් ප‍්‍රජාවේ 1998 වර්ෂයේදී පවත්වන ලද 25 වන අමාත්‍යමණ්ඩල හමුවේදී ලෝක පොල් දිනය ප‍්‍රකාශයට පත්කරන ලදී. එහිදී ඉදිරිපත් කරන ලද ප්‍රකාශයට අනුව ”ජාත්‍යන්තර පොල් දිනය” සැප්තැම්බර් 2 වන දිනට යෙදී ඇත. අන්තර්ජාතික පොල් ප‍්‍රජාවට සාමාජික රටවල් 18 ක් ඇතුළත් වන අතර ශ‍්‍රී ලංකාව එහි ප‍්‍රමුඛතම සාමාජික රාජ්‍යයකි. නිෂ්පාදන පරිමාව හා ප්‍රමාණය අනුව පොල් නිපදවන ඉහළම රටවල් අතර ශ්‍රී ලංකාවට සුවිශේෂී ස්ථානයක් හිමිවෙයි.

ලෝක පොල් දිනය සමරමින් කටුනායක ගුවන් හමුදා කඳවුරු විධායක කෘෂී ඒකකය විසින් පොල් පැල සිටුවීමේ විශේෂ වැඩසටහනක් 2020 සැප්තැම්බර් මස 02 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී ක‍්‍රියාත්මක කරන ලදී. කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ අණුදැනුම මත විධායක කෘෂී ඒකකයේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් සුහර්ෂි ප‍්‍රනාන්දු මහතාගේ මග පෙන්වීම යටතේ අක්කර 6.5 කභූමිප‍්‍රමාණයක පොල් පැල 420කට අධික සංඛ්‍යාවක් සිටුවමින් විධායක කෘෂි ඒකකය මගින් පොල් වගාව ආරම්භ කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි