54 දෙනෙකු ගුවන් හමුදාව විසින් බේරා ගැනේ
12:04pm on Tuesday 11th January 2011
බෙල් 212 සහ එම් අයි 17 හෙලිකොප්ටර් යානා මගින් ගංවතුර තත්වයට අසුවී අතරමන් වී සිටින පිරිස බේරා ගැනීමට ගුවන් හමුදාව කටයුතු කරගෙන යනු ලබයි.

ජනවාරී මස 09 වන දින ටැම්පිටිය ප්‍රදේශයෙන් 08 සහ බෝගමුයාය ප්‍රදෙශයෙන් 14ක් ගුවන් හමුදාව විසින් බේරා ගන්නා ලදී. ඊයේ දිනය තුලද නිරතුරුව විපතට පත්වු පුද්ගලයින් බේරා ගැනීමේ සහ ආධාර ලබා දීමේ කටයුතු සිදු කලහ. එහිදී නැවතත් ටැම්පිටිය ප්‍රදේශයෙන් 24 දෙනෙකු ගලවා ගත් අතර රඹකැන් ඔය ප්‍රදේශයෙන් ගලව ගත් පිරිස 07කි. එසේම වාලච්චේන පෙදෙසින් ගැබිනි මවක් පොළොන්නරුව රෝහලට ගෙන යාම සහ තොප්පිගල පෙදෙසට ගුවනින් ආහර රැගෙන යාමද සිදු කරන ලදී.

තවමත් වැසි දිගින් දිගටම පවතින අතර ගුවන් හමුදාව පුද්ගලයින් ගලවා ගැනීමේ සහ ආහර පාන බෙදා දීමෙ කටයුතු දිගටම කරගෙන යනු ලබයි.








airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි