ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් නිවාස ප‍්‍රදානයක්
12:39pm on Tuesday 27th October 2020
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින්  සාදා නිමකරන ලද නව නිවාසයක් බලපංති සැරයන් සෙනෙවිරත්න එච්ඩබ්බීඑල් හට ප‍්‍රදානය කිරීම 2020 ඔක්තෝම්බර් මස 23 වන දින කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැපිටන් බුද්ධික පියසිරි මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයන ලද අතර කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරු වැඩසේවා අංශය මගින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී. ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකයේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම සියළු කාර්යන් සිදුකරන ලදී.

කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරු නිළධාරීන් සෙසු නිළයන් ඇතුලු පිරිසක් මෙම අවස්තාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි