සේවයෙන් විශ‍්‍රාම යන ගුවන් හමුදාධිපතිතුමන් අතිගරු ජනාධිපතිතුමන් හමුවෙයි
6:16pm on Friday 30th October 2020
සේවයෙන් විශ‍්‍රාම යන ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා සිය ධුරයෙන් විශ‍්‍රාම ගැනීමට පෙර සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති ගොඨාභය රාජපක්‍ෂ මැතිතුමන් හමුවීම 2020 ඔක්තෝම්බර් මස 29 වන දින උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කළේය.

කෙටි පිළිසඳරකින් අනතුරුව එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අතිගරු ජනාධිපතිතුමන් විසින් තමන් වෙත ලබාදුන් මඟ පෙන්වීම සහ සහයෝගය පිළිබඳව සිය කෘතඥතාව පළ කළ අතර එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමාට සමරු තිළිණයක්ද ප්‍රදානය කළේය.

ගුවන් හමුදාවේ 17 වන ගුවන් හමුදාධිපති ලෙස කටයුතු කර විශ‍්‍රාම යන ගුවන් හමුදාධිපතිතුමන් හට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද සිය සුභාශිංසන එක් කරනලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි