ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් අගමැතිතුමන් හමුවෙයි
8:46am on Friday 15th January 2021
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරන මහතා 2020 නොවැම්බර් මස 09 වන දින අරලියගහ මන්දිරයේදී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.  

මෙම හමුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 16 වැනි ගුවන් හමුදාධිපතිවරයා ලෙස වැඩ භාරගැනීමෙන් පසු ගුවන් හමුදාධිපතිවරයා සහ අගමැතිතුමන් අතර සිදුවූ පළමු නිළ හමුව විය. මෙහිදී මෙම අවස්ථාව සනිටුහන් කරමින් අගමැතිතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර සමරුඵලක හුවමාරුවක් ද සිදුවිය.

මෙහිදී අගමැතිතුමන් විසින් ගුවන් හමුදාධිපතිතුමන්ට සිය නව තනතුර වෙනුවෙන් සුබපැතුම් පිරිනැමීය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි