ගුවන් හමුදා ගුවන් තොටුපොල කදවුර සිය 12 වන සංවත්සරය සමරයි
7:15pm on Friday 14th January 2011
ගුවන් හමුදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල කදවුර පසුගියදා (12) සිය 12 වන සංවත්සරය සමරන ලදී.මේ සදහා කදවුරු පරිශ්‍රය තුල වැඩ පෙලපාලියක් ද පැවැත් වූ අතර කදවුරු අණදෙන නිලධාරී ගෲප් කපිතාන් පීටර්සන් ප්‍රනාන්දු විසින් එය නිරීකෂනය කරන ලදී.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල තුල පිහිටි මෙම කදවුර 1998 ජනවාරි මස 12 දින ස්ථාපිත කල අතර ගුවන් කොමදෝරු එම්.එල්.කේ පෙරේරා එවකට මෙහි අණදෙන නිලධාරී ලෙස ක්‍රියාකරන ලදී.

සංවත්සරය අරුත් ගැන්වීම සදහා ජනවාරී 11 වන දින ශාන්ත ජෝෂප් වැඩිහිටි නිවාසය උන්නරුව හා යටියාන ළමා නිවාස අවට සුද්ද පවිත්‍ර කර උදැසන ආහාර වේලක් ද ලබාදුන් අතර විජය කුමාරතුංග අනුස්මරන රෝහලේද ශ්‍රමදාන ව්‍යාපරයක නිරත විය.

සංවත්සර දිනය සිහිගැන්වීම සදහා පැලයක් ද කදවුරු අණදෙන නිලධාරී තුමා විසින් රෝපනය කරන ලදී. අනතුරුව සියලුම නිලයන් එක්ව ක්‍රිකට් තරගයක් ද පැවැත් වූ අතර දිවා අහාර භෝජන සංග්‍රහය සදහා  සියලුම නිල්යන්ගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදී.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි