කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුර සිය 36 වෙනි සංවත්සරය සමරයි
11:11am on Wednesday 5th May 2021
කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුර සිය 36 වෙනි සංවත්සරය 2020 නොවැම්බර් මස 16 වෙනි දින අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් වීජීජීබී පියසිරි මහතාගේ මූලිකත්වයෙන් සමරන ලදී.

සංවත්සර දිනය සමරමින් කඳවුරු අණදෙන නිළධාරීතුමන්,නිලධාරීන් සහ සෙසු නිළයන්ගේ සහභාගීත්වයෙන්  කඳවුරු පරිශ‍්‍රය තුළ පැල සිටුවීමේ වැඩසටහනක් ක‍්‍රියාත්මක කරන ලදී.

කළුතර දිස්ත‍්‍රික් මහ රෝහලේ රුධිර පාරවිලයන සේවාවේ සහ කඳවුරු රෝහලේ සහයෝගයෙන් ලේ දන් දීමේ වැඩසටහනක්ද දියත් කරන  ලදී. මෙහිදී කඳවුරේ සාමාජික සාමාජිකාවන් 47 දෙනෙකු ස්වකැමැත්තෙන් ලේ දන්දීමේ කාර්යයට සිය දායකත්වය සපයන ලදී.

සියළු නිලයන්ගේ දිවා භෝජන සංග‍්‍රහයකින් සංවත්සර දින සැමරුම අවසන් කෙරිණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි