කටුනායක ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිළධාරීතුමන් රාජකාරි අරඹයි
12:34pm on Sunday 16th May 2021
එයාර් වයිස් මාර්ෂල් එච්එස්එස් තුයියකොන්තා මහතා විසින් කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් ආර්ඒයූපී රාජපක්‍ෂ  හට නිළවශයෙන් භාරදීමේ පෙළපාලිය 2020 දෙසැම්බර් මස 07 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු සරඹ පිටියේදී පැවැත්විණි.

මෙහිදී හිටපු අණදෙන නිළධාරීතුමන් විසින් පෙළපාලිය සහ සියළු සාමාජික සාමාජිකාවන් අමතමින් තම ධූර කාලසීමාව තුළ කඳවුරේ සියළුම කටයුතු සඳහා දක්වන ලද දායකත්වය ඇගයීමට ලක් කල අතර ඒ වෙනුවෙන් සියළුම දෙනාට සිය ස්තුතිය ප‍්‍රකාශ කරන ලදී.

නව අණදෙන නිළධාරීතුමන් ආගමික ආශිර්වාද මධ්‍යයේ අණදෙන නිළධාරී කාර්යාලයේදී ආරකාරීන් ආරම්භ කරනලද අතර නව ධූරයට අමතරව දක්‍ෂිණ ගුවන් විධානයේ අණදෙන නිලධාරීවරයා සහ ගුවන් ආරක්‍ෂණ සමස්ථ මෙහෙයුම් අනදෙන නිළධාරී වශයෙන්ද පත්විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි