ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් මහරගම අපේක්‍ෂා රෝහලට විශේෂ පරිත්‍යාගයක්
8:19am on Monday 17th May 2021
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ සහ සේවා  වනිතා ඒකකයේ සභාපතිනී චාමිනී පතිරණ මහත්මියගේ පූර්ණ මගපෙන්වීම යටතේ  ගුවන්  හමුදා සේවා වනිතා ඒකකය මගින් මහරගම අපේක්‍සා රෝහලට විශේෂ පරිත්‍යාගයක් සිදුකිරීම 2021 ජනවාරි මස 06 වන දින සිදුකරන ලදී.

සේවා වනිතා ඒකකයේ සභාපතිතුමියගේ ප‍්‍රධානනත්වයෙන් සිදුකරන ලද මෙම පරිත්‍යාගයන් මහරගම අපේක්‍ෂා රෝහල වෙත භාරගැනීම එහි අධ්‍යක්‍ෂක දොස්තර වසන්ත දිසානායක මහතා විසින් සිදුකරන ලදී. මෙහිදී අසාධ්‍ය රෝගීන්ගේ ඊසීජී, රුධිර පීඩනය, උෂ්ණත්වය ආදී නිරීක්‍ෂණ කිහිපයක් එකවර සිදුකර ගත හැකි නිරීක්‍ෂණ යන්ත‍්‍රයක්, රෝද පුටුවක්, මුව ආවරණ සහ අත් පිරිසිදු කිරීමේ ද‍්‍රාවණ තොගයක් පරිත්‍යාග කරන ලදී. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ලේකම් විංග් කමාන්ඩර් ගයුත‍්‍රී වඩුගේ,සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය සහ අපේක්‍ෂා රෝහලේ ප‍්‍රධාන හෙද පාලිකාව ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි