ගුවන් හමුදාධිපති කුසලාන වාර්ෂික ගොල්ෆ් තරඟාවළිය 2021
9:41am on Thursday 10th June 2021
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් සංවිධානය කරනු ලබන 2021 ගුවන් හමුදාධිපති කුසලාන කාන්තා සහ පිරිමි වාර්ෂික ගොල්ෆ් තරඟාවලිය, 2021 ජනවාරි මස 22 වන දින සිට 24 වන දින දක්වා ත‍්‍රිකුණාමලය වරායට සමීපව සුන්දර චීනවරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් හිදී පැවැත්වීමට සියලූ කටයුතු සංවිධානය කර ඇත.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන් ගේ මග පෙන්වීම මත ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අටවන වරටත් සංවිධානය කරනු ලබන මෙම  තරඟාවලිය සඳහා දෙස් විදෙස් ක‍්‍රිඩක ක‍්‍රීඩිකාවන් 100 දෙනෙකුට අධික පිරිසක් සහභාගි විමට නියමිතව ඇත.

ගුවන් හමුදාධිපති කුසලානයට අමතරව තරඟකරුවන් පිළිවෙලින් කාන්තා සහ පිරිමි කාණ්ඩයන්ට අයත්ව දක්‍ෂතම ත‍්‍රිවිධ හමුදා සේවා ක‍්‍රිඩකයාට හිමි ඊගල්ස් අභියෝගතා කුසලානය සඳහාද තරඟ වැදිමට නියමිත අතර මෙම තරඟාවළියේ ජයග‍්‍රහක ජයගා‍්‍රහිකාවන් සදහා කුසලාන හා ත්‍යාග පිරිනැමිමෙි උත්සවය 2021 ජනවාරි මස 23 වන දින සන්ධ්‍යාවේ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන් ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.

මෙම වසරේ ගුවන් හමුදාධිපති කුසලාන ගෝල්ෆ් තරඟාවළිය සඳහා ඩයලොග් එන්ටර්ප‍්‍රයිස් ආයතනය විසින් ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය සපයනු ලබන අතර ඒ පිළිබඳව ඩයලොග් එන්ටර්ප‍්‍රයිස් ආයතනයේ නියෝජ්‍ය සභාපති නවීන් පීරිස් මහතා අදහස් දක්වමින් පවසා සිටියේ ”ත‍්‍රිකුණාමලය ඊගල්ස් ගොල්ෆ් ලින්ක් හිදී පවත්වනු ලබන ගුවන් හමුදාධිපති කුසලාන ගෝල්ෆ් තරඟාවළිය සාර්ථක කරගැනීම සඳහා අනුග‍්‍රාහකත්වය සපයමින් ගුවන් හමුදාව සමග අත්වැල් බැඳ ගැනීමට ලැබීම ඩයලොග් එන්ටර්ප‍්‍රයිස් ආයතනය භාග්‍යයක් කොට සලකන බවයි.
තවද, වර්ෂ ගණනාවක් මුළුල්ලේ ඩයලොග් එන්ටර්ප‍්‍රයිස් ආයතනය ගෝල්ෆ් සමාජ සහ තරඟාවලි සඳහා අනුග‍්‍රාහකත්වය ලබාදීම, ගෝල්ෆ් ක‍්‍රිඩාවේ සංවර්ධනයට සහ ජාතික සහ ජාත්‍යන්තර තලයේ ක‍්‍රීඩකයින් සඳහා අනුග‍්‍රාහකත්වය සැපයීම තුළින් ගෝල්ෆ් ක‍්‍රීඩාවේ සංවර්ධනයට නිරන්තර සහයෝගය ලබාදී තිබෙන බවත් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හට මනරම් අද්විතීය ගොල්ෆ් ක‍්‍රීඩාංගනයකදී තම කුසලතා වර්ධනය කරගැනීමට සුවිශේෂි අවස්ථාවක් සහ ශ‍්‍රී ලංකාවේ ගෝල්ෆ් ක‍්‍රිඩක ක‍්‍රිඩිකාවන් හට සහෝදරත්වයෙන් යුතුව එක්ව තරඟ කිරීමට මෙම ගුවන් හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරඟාවළිය අවස්ථාවක් සලසා දි ඇති බවත්. එසේම මෙම තරඟාවළියට සම්බන්ධ වීමට ලැබීම පිළිබඳව අපි සතුටට පත්වන අතර ගෝල්ෆ් ක‍්‍රිඩාවේ අභියෝගාත්මක සති අන්තයක් බලාපොරොත්තු විමට හැකිවෙතෙයි තමා බලාපොරොත්තු වන බවද පැවසීය.

ඊට අමතරව මෙම වසරේදී අනිලානා හෝටල් සමූහය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සමග එක්වෙමින් තරඟාවළියේ සත්කාරක දායකත්වය ලබාදෙමින් තරඟාවළියට සහභාගී වන්නන් හට නිලාවේලි අනිලානා හෝටලයේ ආකර්ශනීය දීමනාවන් ලබා දිමට ද නියමිතව ඇත. තරඟාවළිය සඳහා කි‍්‍රඩක කි‍්‍රඩිකාවන් ලියාපදිංචි කිරිම මෙි වනවිට අරඔා ඇති අතර 2021 ජනවාරි මස 15 වන දිනෙන් ලියාපදිංචිය කිරිම අවසන් කිරිමට නියමිතව ඇත.  

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි