වනාන්තර නැවත වගාකරීමේ ව්‍යාපෘතිය සිව්වන මෙහෙයුම
9:47am on Thursday 10th June 2021
ශ‍්‍රී ලංකාවේ වන ඝණත්වය වැඩි කිරිමෙහි ලා ක‍්‍රියාත්මක වන ව්‍යාපෘති ගණනාවක් සදහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ නායකත්වය යටතේ සිය සක‍්‍රීය අනුග‍්‍රහය සපයමින් සිටි. එම මහගු කර්තව්‍යයේ තවත් එක් සුවිශේෂි අවස්ථාවක් ලෙස ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව අම්පාර ලාහුගල ජාතික වනෝද්‍යානයේ අක්කර 60 ක පමණ ප‍්‍රමාණයක බීජ 70000 ක් ගුවනින් ඉසීමේ සිව්වන ව්‍යාපෘතිය 2021 ජනවාරි මස 14 වන දින පවත්වන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මෙම සුවිශේෂි කාර්යට දායකත්වය සැපයිම තුලින් සිය ස්වකීය අභිමානය වන ගුවන් බලය මගින් තම ප‍්‍රධාන අරමුණ වන ජාතික ආරක්ෂාව තහවුරු කිරිමට අමතරව තම රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් තිරසාර හරිත අනාගතයක් දායාද කිරිම උදෙසා මෙම ව්‍යාපෘතිය සඳහා කැපවී සිටියි.

මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාවට නැංවීීම සදහා ගුවන් හමුදා විධායක කෘෂි නිළධාරී එයාර් කොමඩෝර් සුහර්ෂි ප‍්‍රනාන්දු ගේ නායකත්වය යටතේ  කටුනායක ගුවන් හමුදා කඳවුරු විධායක කෘෂි ඒකකය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමග අත්වැල් බැදගන්නා ලදී. ශ‍්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයක් වන වර්ෂ 2030 වන විට හරිත ආවරණය 27 සිට 32 දක්වා වර්ධනය කිරිම මෙමගින් අපේක්ෂා කරන මුලික අරමුණ වේ.

ඇහැළ, මී, කුඹුක්, මාර, බුළු සහ සියඹලා  යන ශාක වර්ගයන්ට අයත් බීජ 70000 ක් පමණ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් ආධාරයෙන් පොළවට ඉසීම සිදුකරනු ලැබීය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි