ඉන්දීය ගුවන් හමුදාව මගින් ගුවන් ආරක්‍ෂණ හා රේඩාර් උපකරණ තොගයක් ගුවන් හමුදාවට භාරදෙයි
9:50am on Thursday 10th June 2021
ඉන්දීය ගුවන් හමුදාව මගින් ගුවන් ආරක්‍ෂණ උපකරණ සහ ඉන්ද‍්‍රා මාක්-11 ාර්ඩාර් අමතර කොටල් ඇතුළු උපකරණ තොගයක් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව වෙත භාරදීමේ උත්සවයක් 2021 ජනවාරි මස  16 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි. ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් අතිගරු ගෝපාල් බග්ලේ මහතා විසින් මෙම උපකරණ නිළ වශයෙන් ගුවන් හමුදාව වෙත භාරදීම සිදුකරනු ලැබූ අතර ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් එම උපකරණ භාරගැනීම සිදුකරන ලදී.

මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණි ඉන්දීය මහකොමසාරිස් තුමන් කටුනායක ගුවන් හමුදා කඳවුරු ගුවන් යානාඉංජිනේරු පක්‍සාංගය වෙත පිළිගැනීම ගුවන් හමුදාධිපතිතුමන් විසින් සිදුකරනු ලැබූ අතර පිළලිගැනීමේ කථාව කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ මහතා විසින් සිදුකරන ලදී.

උත්සව සභාව ඇමතූ ඉන්දීය මහකොමසාරිස් තුමන් ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති මිත‍්‍රත්වය මෙමගින් තවදුරටත් වර්ධනය වූ බවත් මෙම සමීප මිත‍්‍රත්වය ඉතිහාසයේ සිටම දෙරට අතර පැවති බවත් ප‍්‍රකාශ කර සිටියේය. උත්සවය අවසානයේ ගුවන් හමුදාධිපතිතමන් විසින් ස්තුති කථාව පවත්වමින් මෙම  ප‍්‍රදානය වෙනුවෙන් ඉන්දීය රජයට සහ ඉන්දීය මහ කොමසාරිස්තුමන්ට සිය සුතුතිය ප‍්‍රකාශ කළේය.

උත්සවය අවසානයේ දෙපාර්ෂවය අතර සමරු ඵලක හුවමාරුකරගැනීමක්ද සිදුකෙරිණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි