සීගිරිය ගුවන් හමුදා කඳවුර මගින් ලේ දන්දීමේ වැඩසටහනක්
11:43am on Friday 18th June 2021
සීගිරිය ගුවන් හමුදා කඳවුර මගින් ලේ දන්දීමේ වැඩසටහනක් 2021 ජනවාරි මස 18 වන දින කඳවුරු පරිශ‍්‍රයේදී ක‍්‍රියාත්මක කරන ලදී.මෙම වැඩසටහන කපුවත්ත ශ‍්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති බෙරලපන්තර මේධන්කර හිමිපාණන්ගේ ඉල්ලීමකට අනුව සිදුකරන ලදී. මාතලේ දිස්ත‍්‍රික් මහ රෝහලේ ලේබැංකුව සමග එක්ව ක‍්‍රියාත්මක කරන ලද මෙම ලේදන්දීමේ වැඩසටහන දිවයිනේ පවතින සෞක්‍ය තත්වයට අදාලව අවශ්‍ය වන රුධිර අවශ්‍යතාවයන් සඳහා ලේ බැංකුවේ සංචිත රුධිර ප‍්‍රමාණය ඉහල නැංවීම අරමුණු කොටගෙන පවත්වන ලදී.

සීගිරිය ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එස්ඩී කළුබෝවිල මහතාගේ පූර්ණ මගපෙන්වීම යටතේ සීගිරිය ගුවන් හමුදා කඳවුරේ සේවා සහ සිවිල් පුද්ගලයින් 59 දෙනෙකුගේ දායකත්වයෙන් සිදුකරන ලදී    

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි