ගුවන් හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරඟාවළිය චීනවරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්ස් හිදීී නිමාවෙයි
8:54am on Sunday 20th June 2021
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්ස් සංවිධානය කරන ලද 2021 ගුවන් හමුදාධිපති කුසලාන වාර්ෂික ගොල්ෆ් තරඟාවලිය, ශ‍්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්ස් කී‍්‍රඩාපිටියේදී 2021 පෙබරවාරි මස 23 වන දින සාර්ථකව අවසන් විය. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ මග පෙන්වීම මත ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අටවන වරටත් සංවිධානය කරනු ලැබු මෙම තරඟාවලිය සඳහා දෙස් විදෙස් ක‍්‍රිඩක ක‍්‍රීඩිකාවන් 82 ක් පමණ සහභාගී වු අතර ගරු ආරක්ෂක ලේකමි ජෙනරල් කමල් ගුණරත්න (විශ‍්‍රාමික* මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම තරඟාවළියට එක්විය.

ගුවන් හමුදාධිපති අභියෝගතා තරගාවළියේ පිරිමි ශුරතාවය සංජිව ආරියරත්න හිමිකරගත් අතර කාන්තා ශුරතාවය අනුෂා සේනාධිර විසින් හිමිකර ගන්නා ලදී. එහිඅනුශූරතාවයන් පිළිවෙලින් ජනක තෙබුවන මහතා සහ නිලූ ජයතිලක මහත්මිය විසින් දිනාගන්නා ලදී. එහිදී රොමේෂ් අබේරත්න මහතා විසින් පිරිමි තරඟයේ දීර්ඝතම පහර සහ ගෝල්ෆ් සිදුරට ආසන්නතම පහර සඳහා හිමි කුසලානයන් දිව්තවයටම හිමිකම් කියන ලදී. අනුෂා සේනාධීර මහත්මිය සහ මනෝරි ජයකොඩි මහත්මිය විසින් පිළිවෙලින් කාන්තා තරඟයේ දීර්ඝතම පහර සහ ගෝල්ෆ් සිදුරට ආසන්නතම පහර සඳහා හිමි කුසලානයන් දිනාගන්නා ලදී.

ගුවන් හමුදාධිපති කුසලානයට අමතරව තරඟකරුවන් දක්‍ෂතම ත‍්‍රිවිධ හමුදා සේවා ක‍්‍රිඩකයාට හිමි ඊගල්ස් අභියෝගතා කුසලානය සඳහාද තරඟ වැදීම සිදුකළ අතර එහිදී දක්‍ෂිණ ගුවන් ආඳාපති සහ කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ මහතා එහි ශූරතාවයට හිමිකම් කියූ අතර විංග් කමාන්ඩර් ලක්මාල් ගුණවර්ධන මහතා එහමි අනුශූරතාවය දිනාගන්නා ලදී.

මෙම තරඟාවළියේ ජයග‍්‍රාහක ජයගා‍්‍රහිකාවන් සඳහා කුසලාන හා ත්‍යාග පිරිනැමිමෙි උත්සවය 2021 ජනවාරි මස 23 වන දින සන්ධ්‍යාවේ ගරු ආරක්ෂක ලේකමි ජෙනරල් කමල් ගුණරත්න (විශ‍්‍රාමික* මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති අතර ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන් සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකයේ සභාපතිනී චාමිනී පතිරණ මහත්මිය ත්‍යාග සහ කුසලාන පිරිනැමීමේ අවස්ථාවට එක්වූහ.

එසේම විශ‍්‍රාමික ගුවන් හමුදාධාපතිවරුන් වන එයාර් චීෆ් මාර්ෂල් ජයලත් වීරක්කොඩි, එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක සහ එයාර් චීෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල යන මහත්මරුන්ද මෙවර තරඟාවළියට එක්වූහ. තවද මෙම අවස්ථාව සඳහා  ගුවන් හමුදා ගෝල්ෆ් සංගමයේ සභාපති එයාර් කොමඩෝර් ප‍්‍රසන්න රණසිංහ ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

මෙම වසරේ ගුවන් හමුදාධිපති කුසලාන ගෝල්ෆ් තරඟාවළිය සඳහා ඩයලොග් එන්ටර්ප‍්‍රයිස් ආයතනය විසින් ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය සැපයු අතර මෙම වසරේදී අනිලානා හෝටල් සමූහය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සමග එක්වෙමින් තරඟාවළියේ සත්කාරක දායකත්වය ලබාදෙන ලදි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි