ගුවන් හමුදා 70වන සංවත්සරයට සමගාමීව කැබිතිගොල්ලෑව කණුගහවැව ගම්මානය ප‍්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය
9:00am on Sunday 20th June 2021
අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ක‍්‍රියාත්මක කරනු ලබන ”ගම සමග පිලිසඳර” වැඩසටහන් මාලාව යටතේ, 2020 දෙසැම්බර් මස 30 වන දින කැබිතිගොල්ලෑව, කණුගහවැව ප‍්‍රදේශයේදී පැවැති වැඩසටහනේදී ජනතාව විසින් අතිගරු ජනාධිපතිතුමා වෙත කරන ලද ඉල්ලීම්වලට අනුව, කණුගහවැව ගම්මානයේ ප‍්‍රජා ස්ථාන ප‍්‍රතිසංස්කරණය සහ නිවාස ඉදිකිරීම් කටයුතු ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව ගුවන් හමුදාව මගින් සිදුකරනු ලබන බව ප‍්‍රකාශ කරන ලදී.

කණුගහවැව අභිනවාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්, ග‍්‍රාමනිළධාරී මහතා සහ ගම්වැසියන් විසින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් ප‍්‍රාදේශිය ලේකම්වරයා සමග සාකච්ඡා කොට ගුවන් හමුදාව වෙත ඉදිරිපත් කරන ලදී. එලෙස, ප‍්‍රාදේශිය ලේකම්තුමන් විසින් ඉදිරිපත් කරන ලද අවශ්‍යතාවයන්ට සරිලන පරිදි නාගරික සංවර්ධන අධිකාරිය විසින් කණුගහවැව ගම්මානය ආදර්ශ ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමට සකස් කරන ලද සැලසුමට අනුව වව්නියාව ගුවන් හමුදා මූලික කඳවුරු අණදෙන නිළධාරීතුමන්ගේ අධීක්‍ෂණය යටතේ මෙම ගම්මානයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇත.

මෙම ගම්මානයෙහි ඇති පවුල් 314 ක පමණ ජීවත් වන 942 ක් පමණ වූ ගම්වැසියන් විසින් ඉදිරිපත් කරන ලද අවශ්‍යතාවයන්ට අනුව කණුගහවැව අභිනවාරාම විහාරස්ථානය, කණුගහවැව විද්‍යාලය සහ නිවසක් ඉදිකරගැනීම සඳහා ආර්ථික අපහසුතාවන්ගෙන් පෙලෙන පවුල් සඳහා නිවාස ඉදිකර දීම ඇතුළු ව්‍යාපෘති රැසක් ගුවන් හමුදාව විසින් සිදුකිරීමට කටයුතු සංවිධානය කර තිබේ.  
ඒ අනුව,
1.*    කණුගහවැව අභිනවාරාම විහාරස්ථානයේ සංවර්ධන සහ ප‍්‍රතිසංස්කරණ කටයුතු

x    දහම් පාසල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කිරීම.
x    බෝධි ප‍්‍රාකාරයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීම
x    සංඝාවාස ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සිදුකිරීම.
x    චෛත්‍යයේ ඉදිකිරීම් කටයුතු සිදුකිරීම
x    ඝන්ඨාරකුළුණ ඉදිකිරීම් කටයුතු සිදුකිරීම.
x    නව වැසිකිලි පද්ධතියක් ඉදිකිරීම.


2.*    කණුගහවැව විද්‍යාලයේ සංවර්ධන සහ ප‍්‍රතිසංස්කරණ කටයුතු

x    නව ගුරු නිවාසයක් ඉදිකිරීම.
x    පාසල් ක‍්‍රීඩා පිටියේ ඉදිකිරීම් කටයුතු සිදුකිරීම.
x    ”L” හැඩයේ නව පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම.

3.*    හල්මිල්ලවැටිය විද්‍යාලයේ පරිඝණක විද්‍යාගාරය අළුත්වැඩියා කටයුතු සිදුකිරීම සහ වැසිකිලි පද්ධතියක් ඉදිකිරීම.
4.*    ගම්මානයේ පෙරපාසලේ පවතින ගොඩනැගිල්ලේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සහ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
5.*    වන අලි තර්ජනයෙන් ආරක්‍ෂා වීම පිණිස විදුලි වැටක් ඉදිකිරීම.

6.*    නිවාස අහිමි පවුල් සඳහා නව නිවාස 70 ක් ඉදිකිරීම.

x    පළමු අදියර - නිවාස 10 ක් සාදා නිමකර ජනතාව වෙත භාරදීම
x    දෙවන අදියර - නිවාස 15 ක් සාදා නිමකර ජනතාව වෙත භාරදීම
x    තුන්වන අදියර - ඉතිරි නිවාසයන්හි ඉදිකිරීම් කටයුතු සිදුකිරීම

මෙම සංවර්ධන සැලැස්මට අනුව සිදුකරනු ලබයි.

මෙම ආදර්ශ ගම්මානයේ ප‍්‍රතිසංස්කරණ කිරීමේ කටයුතු ආරම්භ කරමින්, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් කණුගහවැව ප‍්‍රාථමික පාසලේ ගුරු නිවාසයට මුල්ගල තැබීම, අභිනවාරාම විහාරස්ථානයේ ඝණ්ඨාරකුළුණ සඳහා මුල්ගල තැබීම සහ පළමු අදියර යටතේ නිවාස 10 ක ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සඳහා මුල්ගල තැබීම 2021 ජනවාරි මස 28 වන දින සමාරම්භක උත්සවයේදී සිදුකරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි