අංක 05 ප‍්‍රහාරක ජෙට් බලඝණය සිය 30 වන සංවත්සරය සමරයි
9:12am on Sunday 20th June 2021
අංක 5 ජෙට් ප‍්‍රහාරක බලඝණය 1991 වසරේ පෙබරවාරි මස 01 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු පරිශ‍්‍රයේදී නව FT-5  ජෙට් පුහුණු ගුවන් යානාවන් දෙකකින් සමන්විතව ආරම්භ කරන ලදී. එහි පළමු අණදෙන නිලධාරියා වශයෙන් ස්කොඩ්රන් ලීඩර් එච්ඩී අබේවික‍්‍රම කටයුතු කරන ලදී. එම වර්ෂයේදීම බලඝනයේ ගුවන් යානා සංචිතය වැඩිදියුණු කරමින් FT-7 පුහුණු ජෙට් යානාවක් සහ F-7 "Air guard" Day Fighter  ප‍්‍රහාරක ජෙට් යානාවන් හතරක් එක් කර ගන්නා ලදී.

F-7BS ජෙට් යානාවන්, ගොඩබිම් හමුදාවන්ට ගුවනින් යුධ සහය ලබාදීම, ගුවනේ සිට ගුවන් ඉලක්ක වෙත ප‍්‍රහාර එල්ලකිරීම, සතුරු ගුවන් යානාවන් විනාශ කිරීම සහ සන්නද්ධ ආවේක්‍ෂණ කාර්යන් සඳහාම නිර්මාණය කොට තිබේ.
ස්කොඞ්‍්‍රන් ලීඩර් පී ගුණසිංහ, වත්මන් ගුවන් හමුදාධිපති එවකට ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් සුදර්ශන පතිරණ. ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් අයිජේඅයි විජේතිලක සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් හෙන්දාවිතාරණ ගුවන් හමුදා ඉතිහාසයේ ශබ්දයේ වේගය පරදමින් පියසර කල පළමු ගුවන් නියමුවන් සහ සුපර්සොනික් යුගයේ පුරෝගාමීන් වශයෙන් හැඳින්විය හැක.

අංක 5 බලඝණයේ ගුවන් ප‍්‍රහාරක සහ පහත් මට්ටමේ ප‍්‍රහාරක හැකියාවන් වැඩිදියුණු කරමින් 2000 වසරේදී රුසියාවේ නිශ්පාදිත MIG27  ප‍්‍රහාරක ජෙට් යානාවන් හයක් සහ MIG23UB trainer යානාවන්  හඳුන්වා දෙන ලදී.
F-7BS    ජෙට් යානාවන්හි වැඩිදියුණු කරන ලද නවීන F-7GS ජෙට් යානාවට ගුවන් යානා සම්බන්ධAI රේඩාර් පද්ධතියක්, ගුවනේ සිට ගුවන් ඉලක්ක වෙත මිසයිල ප‍්‍රහාරක හැකියාව සහිත නවීන අවිආයුධ පද්ධතියක්, නියමුවාට පහසුවෙන් හැසිරවිය හැකි වීදුරු නියමු කුටියක් හඳුන්වා දී තිබේ.

2007 වසරේ මාර්තු මස 26 වන දින එල්ටීටීඊ විසින්  හදිසියේම එල්ල කරන ලද පළමු ගුවන් ප‍්‍රහාරයත් සමග වඩාත් අත්‍යාවශ්‍ය සහ ඉතා හොඳින් පවත්වාගෙන ගිය ගුවන් හමුදාවේ ගුවන් ආධිපත්‍යයට යමි තර්ජනයක් එල්ල විය.එයට ක්‍ෂණිකව ප‍්‍රතිචාර දැක්විමට ගුවන් හමුදාවට සිදුවිය එම අවස්ථාෙවිදි  මෙම යානා සකි‍්‍රයව සතුරු ගුවන් බලය බිදහෙලිමට යොදා ගන්නා ලදී.  

ප‍්‍රහාරක නියමුවන්ගේ නිවහන වන අංක 5 බලගණයට, ෙමි වනවිට අණදෙන නිලධාරීන් දස දෙනෙකු විසින් සිය නායකත්වය ලබා දි ඇති අතර පසුගිය ඊලාම් යුධ සමයන්හිදී සතුරු ඉලක්ක වෙත සාර්ථක බෝම්බ ප‍්‍රහාර එල්ල කොට ත‍්‍රස්ථවාදීන්ගේ නැවත ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමේ හැකියාව දුර්වල කරමින්  ඉදිරි පෙළ සාර්ථක ප‍්‍රහාරයන් දියත් කිරිමට මෙම බලඝණයේ  ගුවන් නියමුවන් සමත් විය මෙම බලඝණය විසින් මෙි වන විට ප‍්‍රහාරක ගුවන් නියමුවන් 25 දෙනෙකුට අධික පිරිසක්  දැයට දායාද කර ඇත.  

මානුෂීය මෙහෙයුමේදී 600කට වැඩි වූ ගුවන් සහ ගොඩබිම් ප‍්‍රතිප‍්‍රහාරක මෙහෙයුම් ප‍්‍රමාණයකට සිය දායකත්වය ලබාදුන් අංක 5 බලගණය  සිය 30 වන සංවත්සරය අද දින සමරනු ලබයි.  

අංක 5 ප‍්‍රහාරක බලඝණය මාතෘ භූමියේ ගුවන් තලය සුරකිනු වස් ක‍්‍රියාත්මක ප‍්‍රමුඛතම ගුවන් ආරක්‍ෂකයන් වශයෙන් ජාතියට සිය සේවය අඛණ්ඩව ඉටු කරනු ලබන අතර නවීනතම යාවත්කාලීනයන් සහ ඉහල පුහුණුවකින් හෙබි කාර්ය මණ්ඩලය සමඟින් ඉදිරියටත් දේශයේ ස්වෛරීත්වය උන්නතිය වෙනුවෙන් සිය දායකත්වය නොඅඩුවම ලබාදෙනු ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි