ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් නිවාස ප‍්‍රදානයක්
5:58pm on Monday 12th July 2021
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ඉදිකරන ලද නව නිවසක් විහ‍්‍රාමික බලලත් නිළධාරී එන්එන් අජන්ත  හට ප‍්‍රදානය කිරීම 2021 මාර්තු මස 25 වන දින සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිනී පතිරණ මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පෝද්දල ප‍්‍රදේශයේදී සිදුකෙරිණි.

සේවා වනිතා ඒකකය මගින් මූල්‍යමය දායකත්වය දක්වන ලද මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු කටුනායක ගුවන් හමුදා කඳවුරු සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය විසින් සිදුකරන ලදී. මෙහි ඉදිකිරීම් කටයුතු ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකය සහ කොග්ගල ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එම්පීඒ ගලප්පත්ති මහතාගේ අධීක්‍ෂණය යටතේ සිදුකෙරිණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි