ගුවන් හමුදා පාපැදි සවාරිය
11:30am on Saturday 22nd January 2011
අවසාන මහ පාපැදි තරඟය හෙට...

ගුවන් හමුදා පාපැදි සවාරියේ තෙවන අදියර අද දින කොළඹදී අවසන් විය. එහිදී ගුවන් හමුදාව නියෝජනය කරමින් තරඟ වැදුනු ජීවන් ජයසිංහ අද (21 ජනවාරි 2011) ජයග්‍රාහණය අත්පත් කර ගැනීමට සමත් වීම විශේෂත්වයකි.

අද උදෑසන එයාර් වයිස් මාර්ෂල් අශෝක අමුණුගම ලබා දුන් ආරම්භක සංඥාවත් සමගම ආරම්භ වූ 'ගුවන් හමුදා පපැදි තරඟය' කි.මී.115ක් ගෙවා අගනගරයට ළඟා වීය. එනම් පාපැදිකරුවන් 72 අද තරඟයට සහභාගි වූහ.

ගුවන් හමුදා පාපැදිකරු සමන්ත ලක්මාල් පිළිමතලාව නගරයේදී පළමුවන වේගවත් කඩඉම ජය ගැනීමට සමත් වූ අතර, අසංක ප්‍රදීප් (යුධ හමුදාව), ජනක විජේසිංහ (යුධ හමුදාව) හා ජීවන් ජයසිංහ (ගුවන් හමුදාව) පිළිවෙලින් ස්ථානයන් ලබා ගැනීමට සමත් වූහ.

කිරිබත්ගොඩදී දෙවන වේගවත් කඩඉම පසු කිරීමට ජීවන් ජයසිංහ (ගුවන් හමුදාව) සමත් විය. එසේම යුධ හමුදාවේ සනත් ජයසිංහ, වසන්ත හරිස්චන්ද්‍ර (යුධ හමුදාව) සහ
බුද්ධික වර්ණකුලසූරිය (ගුවන් හමුදාව) පිළිවෙලින් දෙවන, තෙවන සහ සිව්වන
ස්ථානයන්ට පත් වූහ.

'ගුවන් හමුදා පපැදි සවාරිය' ක්‍රමයෙන් කොළඹ නගරයට සේන්දු වීමත් සමගම තරඟ අවසානය සියැසින් දැක ගැනීමට පැමිණ සිටි අති විශාල ජනතා ප්‍රතිචාර මැද්දේ තෙවන අදියර තරඟය උත්කර්ශවත් අන්දමින් නිමාවට පත් විය. මෙහිදි තරඟ අවසාන ධජ සංඥාව ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි එයාර් වයිස් මාර්ෂල් පී.බී. ප්‍රේමචන්ද්‍ර විසින් ලබා දෙන ලදී.

තෙවන අදියර ජය ගුවන් හමුදාවේ ජීවන් ජයසිංහට හිමි විය. එසේම යුධ හමුදාවේ සනත් ජයසිංහ සහ වසන්ත හරිස්චන්ද්‍ර දෙවන හා තෙවන ස්ථානයන්ට පත් වූහ.

*තෙවන අදියර අවසානයේ සමස්ථ ප්‍රතිඵල***

පළමුවන ස්ථානය   - බුද්ධික වර්ණකුලසුරීය    (ගුවන් හමුදාව)        -8:21:50
දෙවන ස්ථානය      - දිනේෂ් දනුෂ්ක             (ගුවන් හමුදාව)        -8:22:41
තෙවන ස්ථානය     - වසන්ත හරිස්චන්ද්‍ර    (යුධ හමුදාව) 8:22:50                                                                                      
සිව්වන ස්ථානය     - හේමන්ත කුමාර             (නාවික හමුදාව)      -8:22:50
පස්වන ස්ථානය     - සුවාරිස් ප්‍රේමචන්ද්‍ර           (ඩි.එම්.සි.සි)       -8:22:52


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි