ගුවන් හමුදා 70වන සංවත්සරයට සමගාමීව කැබිතිගොල්ලෑව කණුගහවැව ගම්මානය ප‍්‍රතිසංස්කරණය කිරිමේ පළමු අදියර ජානාධිපති තුමන් විසින් ජනතා අයිතියට පත්කෙරේ
2:54pm on Wednesday 28th July 2021
අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ක‍්‍රියාත්මක කරනු ලබන ”ගම සමග පිලිසඳර” වැඩසටහන් මාලාව යටතේ, 2020 දෙසැම්බර් මස 30 වන දින කැබිතිගොල්ලෑව, කණුගහවැව ප‍්‍රදේශයේදී පැවැති වැඩසටහනේදී ජනතාව විසින් අතිගරු ජනාධිපතිතුමා වෙත කරන ලද ඉල්ලීම්වලට අනුව, කණුගහවැව ගම්මානයේ ප‍්‍රජා ස්ථාන ප‍්‍රතිසංස්කරණය සහ නිවාස ඉදිකිරීම් කටයුතු ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව ගුවන් හමුදාව මගින් සිදුකරනු ලබන බව ප‍්‍රකාශ කරන ලදී.
 
මෙම ගම්මානයෙහි පවුල් 314 ක් ගම්වැසියන් 942 ක් පමණ ජිවත් වන අතර ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද අවශ්‍යතාවයන්ට අනුව මෙම ආදර්ශ ගම්මානයේ ප‍්‍රතිසංස්කරණ කිරීමේ කටයුතු ආරම්භ කරමින්, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන් විසින් කණුගහවැව ප‍්‍රාථමික පාසලේ ගුරු නිවාසයට මුල්ගල තැබීම, අභිනවාරාම විහාරස්ථානයේ ඝණ්ඨාරකුළුණ සඳහා මුල්ගල තැබීම සහ පළමු අදියර යටතේ නිවාස 13 ක ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම 2021 ජනවාරි මස 28 වන දින  සිදුකරන ලදී.

ඒ අනුව මේ වන විට ගුවන් හමුදාව විසින් ආරමිභ කරනු ලැබු කණුගහවැව අභිනවාරාම විහාරස්ථානයේ සංවර්ධන සහ ප‍්‍රතිසංස්කරණ කටයුතු අතරින් බෝධි ප‍්‍රාකාරයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සංඝාවාස ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ඝන්ඨාර කුළුණ ඉදිකිරීම්,නව වැසිකිලි පද්ධතියක් ඉදිකිරීම සමිපුර්ණකර අවසන්කරන ලදි
 
කණුගහවැව ප‍්‍රථමික විද්‍යාලයේ නව ගුරු නිවාසයක් ඉදිකිරීම පාසල් ක‍්‍රීඩා පිටියේ ඉදිකිරීම් කටයුතු සිදුකිරීම. නව පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම. අවසන්කර ඇති අතර හල්මිල්ලවැටිය විද්‍යාලයේ පරිඝණක විද්‍යාගාරය අළුත්වැඩියා කටයුතු සිදුකිරීම සහ නව වැසිකිලි පද්ධතියක් ඉදිකිරීම සිදු කරන  ලදි. 



Construction and Renovation of the Kanugahawewa Abinawarama Viharaya

Construction and Renovation of the  Kanugahawewa Primary Vidyalaya

Renovation of the  Halmillawetiya Vidyalaya

Housing Project - Constructed 13 houses with facilities

13km long Electric Fence
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි