ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයක්
11:50am on Monday 9th August 2021
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයක්  ඊයේ (2021 මැයි 12 වන දින) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත නිල වශයෙන් පිළිගැන්විණි.

මෙම අවස්ථාව සදහා සෞඛ්‍ය අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික)  සංජීව මුණසිංහ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ,  සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් එම්ඩී රත්නායක, සාමාන්‍ය ඉංජිනේරු පක්‍ෂාංගයේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ප්‍රසංක මාර්ටිනෝ, සැලසුම් කණ්ඩායමේ වෛද්‍ය විශේෂඥයෙකු වූ ආචාර්ය තිලංක රත්නපාල සහ ව්‍යාපෘති ඉංජිනේරු බලඝණ නායක කේආර්එන්එන් පුෂ්පකුමාර යන මහත්ම මහත්මීන් සහභාගි විය.

අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ලෝකය කොවිඩ් සමඟ පොරබදමින් සිටින අවස්ථාවක මෙරට වාතාශ්‍ර හිඟය මඟහරවා ගැනීම සඳහා තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයක් නවීකරණය කර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියකට නායකත්වය දීමේ වගකීම ගුවන් හමුදාවට පැවරී තිබුණි.

ඒ අනුව එවකට සාමාන්‍ය ඉංජිනේරු අංශයේ අණදෙන නිළධාරී වශයෙන් කටයුතු කල ගෲප් කැප්ටන් ඉන්දික වික්‍රමසිංහ යටතේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ නායකත්වයෙන් යුතුව ගුවන් හමුදාව විසින් තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයක් සැලසුම් කිරීම හා සංවර්ධනය කිරීම සඳහා පෙරමුණ ගත් අතර ආචාර්ය බන්දුල විජය, මහාචාර්ය රනිල් ද සිල්වා සහ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමකගේ මඟ පෙන්වීම යටතේ නිෂ්පාදන ක්‍රියාවලිය සාමාන්‍ය ඉංජිනේරු පක්‍ෂාංගයේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ප්‍රසන්න මාර්ටිනෝගේ අධීක්ෂණය යටතේ කටුනායක සාමාන්‍ය ඉංජිනේරු කාර්මික ශිල්පීන් විසින් සිදු කරන ලදී.
.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි