අංක 03 ස්නයිපර් පුහුනු පාඨමාලාව අම්පාරේ දී අවසන් වේ.
10:20am on Friday 22nd October 2021
අංක 03 ආරක්‍ෂක සහ සීමිත ප‍්‍රහාරාත්මක ස්නයිපර් පාඨමාලාවේ අවසන් දේශනය සහ ලාංජන පිරිනැමීමේ උත්සවය 2021 ජුලි 31 වන දින අම්පාර ගුවන් හමුදා කඳවුරු රෙජිමේන්තු පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වුණු අතර ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අම්පාර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ජීජීඩබ්ලිව්ටීකේ ගුණවර්ධන මහතා සහභාගී විය.

17 දෙනෙකුගෙන් සමන්විත වූ අංක 03 ස්නයිපර් පාඨමාලාව 2021 මැයි 10 වන දින ආරම්භ වූ අතර 2021 ජූලි 31 දින අවසන් විය.මෙහිදී රයිෆල් අවි භාවිතයේ ඉහල සුදුසුකමක් සහ හැකියාවක් ඇති අයවළුන් හට නව දැනුමක් සහිත සහ කුරුමානම් ගැනීම සම්බන්ධ හැකියාව වැඩිදියුණු කිරීම ,පරාස ඇස්තමේන්තුවල ලුහුබැඳීම සහ ඉලක්ක අත්පත් කරගැනීම යන හැකියාවන්ගෙන් සමන්විත ආරක්‍ෂක සහ සීමිත ප‍්‍රහාරත්මක ස්නයිපර් වෙඩික්කරුවෙකු ලෙස පුහුනුව ලබා ඇත.

මෙම පාඨමාලාව සාර්ථකව නිමකරනු ලබන පුහුණුවන්නන් ගුවන් කඳවුරු ආරක්‍ෂාව සහ  ස්නයිපර් රාජකාරීන්හි නියැළීමට සුදුසුකම් ලබයිි.හොඳම ස්නයිපර් සෙබළාට හිමි සම්මානය නායක ගුවන් භට පෙරේරා එම්පීජීඒඑස් වෙත පිරිනමන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි