ඒකල ගුවන් හමුදා වෘත්තීය පුුහුණු පාසලේ නව අණදෙන නිළධාරී වැඩ භාරගනී.
10:24am on Friday 22nd October 2021
ඒකල ගුවන් හමුදා වෘත්තීය පුුහුණු පාසලේ අණදෙන නිළධාරි එයාර් කොමඩෝර් එම්පීඒ මහවත්තගේ මහතා විසින් එම ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩීබීවී වීරසිංහ මහතා හට නිළවශයෙන් භාරදීමේ පෙළපාලිය වෘත්තීය පුහුණු පාසලේ සරඹ පිටියේදී 2021 අගෝස්තු මස 03 වන දින පෙරවරුවේ  සිදුවිය.

එයාර් කොමඩෝර් එම්පීඒ මහවත්තගේ මහතා 2019 සැප්තැම්බර් 9 වන දින ඒකල ගුවන් හමුදා වෘත්තීය පුුහුණු පාසලේ අණදෙන නිළධාරී තුමන් ලෙස වැඩ භාරගත් අතර තම ධූර කාල සීමාව තුළදී රාජකාරීන් කරගෙන යාම සඳහා වෘත්තීය පුුහුණු පාසලේ සියළු දෙනාම දක්වන ලද සහයෝගයට ස්තුති කළේය.

නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩීබීවී වීරසිංහ මහතා ඒකල ගුවන් හමුදා  වෘත්තීය පුුහුණු පාසලේ අණදෙන නිළධාරී තුමන් ලෙස වැඩ භාර ගැනීමට ප‍්‍රථම කටුනායක විද්‍යුත් හා සංනිවේදන ඉංජිනේරු පක්ෂාංගයේ අණදෙන නිළධාරීතුමන් ලෙස කටයුතු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි