අංක 06 ගුවන් ආරක්ෂක රේඩාර් බළඝණයේ නව අණදෙන නිළධාරී වැඩ භාර ගනී
10:32am on Friday 22nd October 2021
අංක 06 ගුවන් ආරක්ෂක රේඩාර් බළඝණයේ අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් ඩීඑන්එස් අලහකෝන් මහතා විසින් එම ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එස්එම්කේ ගුණරත්න මහතා හට නිළවශයෙන් භාරදීමේ පෙළපාලිය බලඝණ පරිශ‍්‍රයේදී 2021 අගෝස්තු මස 03 වන දින පැවැත්විණි.

ගෲප් කැප්ටන් ඩීඑන්එස් අලහකෝන් මහතා 2020 ජනවාරි මස අංක 06 ගුවන් ආරක්ෂක රේඩාර් බළඝණයේ අණදෙන නිළධාරිතුමන් ලෙස වැඩ භාරගත් අතර කටුනායක ගුවන් හමුදා කඳවුරේ අංක 01 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණයේ අණදෙන නිලධාරියා ලෙස වැඩ භාර ගැනීමට නියමිතයි.

විංග් කමාන්ඩර් එස්එම්කේ ගුණරත්න මහතා අංක 06 ගුවන් ආරක්‍ෂක රේඩාර් බලඝණයේ අණදෙන නිලධාරියා ලෙස පත් වීමට පෙර JY - 11 රේඩාර් බලඝනයේ නිලධාරි අණදෙන මෙහෙයුම් ලෙස සහ ගුවන් ආරක්ෂක අණ හා පාලන මධ්‍යස්ථානයේ නිළධාරී අණදෙන පුහුණු ලෙස කටයුතු කර ඇත.

   
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි