ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ඉදි කළ නව නිවසක් පරිත්‍යාග කෙරේ
11:14am on Friday 29th October 2021
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ඉදි කරන ලද නිවසක් බළලත් නිළධාරී ඩබ්ලිව්.එම්.ඊ නයනප‍්‍රිය වෙත භාරදීම සිදු කරන ලදි. මෙම උත්සවය සඳහා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා සහභාගී වී සිටි අතර අද දින (2021 අගෝස්තු මස 09) ගනේමුල්ල, කැන්දලියද්දපාලූව ප‍්‍රදේශයේදී පැවැත්විණි. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චාමිනී පතිරණ මහත්මියගේ මග පෙන්වීම යටතේ මෙම නිවස ඉදි කෙරිනි.

මෙම ව්‍යාපෘතිය සඳහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් අරමුදල් සැපයූ අතර ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල විසින් ඉදිකිරීම් සිදු කරන ලදි. මෙම සමස්ත ව්‍යාපෘතිය නිම කෙරුනේ සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකයේ සහ ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල් අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඞී.බී.වී වීරසිංහ මහතාගේ අධීක්ෂනය යටතේය.

මෙම උත්සවය සඳහා ඒකල වෘත්තීය පුහුණු පාසලේ නිළධාරීන් හා සෙසු නිළයන් පිරිසක් හා සේවා වනිතා ඒකකයේ නියෝජිතයින් සුලූ පිරිසක් සහභාගී වී සිටියහ. තවද මෙම උත්සවට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික කොවිඞ් මර්ධනය කාර්ය සාධක බලකායේ කොවිඞ් - 19 වැලැක්වීමේ නිර්දේශයන්ට අනුකූලව පවත්වන ලදි.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි