CH & FC කණ්ඩායම ලකුණු 23 -21 ලෙස ගුවන් හමුදා පිල පරදවා පළමු අදියර ජය ගනී.
11:36am on Friday 29th October 2021
ගුවන් හමුදාධිපති කුසලාන රග්බි තරගාවලියේ පළමු අදියර 2021 අගෝස්තු මස 13 වන දින රත්මලාන ගුවන් හමුදා කඳවුරු රග්බි ක‍්‍රිඩාංගනයේදී ගරු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර මේ සඳහා ශිරන්ති රාජපක්ෂ මහත්මියද සහභාගී වූවාය. තරුණ කටයුතු, ක‍්‍රීඩා, ඩිජිටල් තාක්ෂන හා ව්‍යවසාය සංවර්ධන කැබිනට් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත 2020 මාර්තු මස සිට ඇණහිට තිබූ රගර් ක‍්‍රිඩාව ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ අධීක්ෂනය යටතේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙම තරගාවලිය සංවිධානය කරන ලදි.

CH & FC කණ්ඩායම ලකුණු 23 ක් (උත්සාහක දිනුම් 02, ප‍්‍රවර්දන 02, දඩුවම් පහර 03) ලබා ගනිමින් ලකුණු 21 ක් (උත්සාහක දිනුම් 02, ප‍්‍රවර්දන 01, දඩුවම් පහර 03) ලබා ගත් ගුවන් හමුදා කණ්ඩායම පරාජය කරමින් පළමු අදියරේ ජයග‍්‍රහනය වාර්ථා කළේය. ජයග‍්‍රාහකයින් පළමු අර්ධය අවසන් වන විට ලකුණු 13 - 06 ක් ලෙස ඉදිරියෙන් සිටින ලදි. ජයග‍්‍රාහී CH & FC කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්ථා කළේ scrum half  සුදම් සූරියආරච්චි (01) fly half රෝහිත රාජපක්ෂ (01) යන ක‍්‍රීඩකයින් වන අතර ප‍්‍රවර්දන දිනුම් දෙක සහ දඩුවම් පහර තුන center තේනුක නානායක්කාර විසින් ලබා ගන්නා ලදි.

පරාජයට පත් ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් දෙක වාර්ථා කළේ   පරාක‍්‍රම රත්නායක (01) 02nd row අංජුල හෙට්ටිආරච්චි (01) යන ක‍්‍රීඩකයින් වන අතර fly half ගයන්ත ඉද්දමල්ගොඩ විසින් එක් ප‍්‍රවර්දන දිනුමක් හා දඩුවම් පහර 03 ක් සාර්ථක කර ගන්නා ලදි.

තරගය අවසන් වූ පසුව ත්‍යාග ප‍්‍රධානෝත්සවය පැවැත්වූ අතර එහිදී අනුශූරයන් වූ ගුවන් හමුදා සාමාජිකයින්ට නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ඇන්ඩෲ විජේසූරිය මහතා විසින් රිදී පදක්කම් පිරිනමන ලද අතර දිනයේ ජයග‍්‍රාහී කණ්ඩායමේ සාමාජිකයින් වන CH & FC කණ්ඩායම වෙත රන් පදක්කම් පිරිනමන ලද්දේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පේ‍්‍රම්නාත් සී දොලවත්ත මහතා සහ ක‍්‍රිඩා අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේඛම් රොනී ඊබ‍්‍රාහිම් යන මහත්වරුන් විසිනි.

මෙම අවස්ථාවට ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ප‍්‍රසන්න පායෝ මහතා, ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් සහ ගුවන් හමුදාව රත්මලාන කඳවුරේ සීමිත නිළධාරීන් හා සෙසු නිළයන් පිරිසක් සහභාගී වූහ.
 
මෙම තරගාවලිය සඳහා සහභාගී වූ සියලූම ක‍්‍රීඩකයන් සහ සහායක කාර්යය මණ්ඩලය ජෛව ආරක්ෂිත බුබුලක් තුළ සිට පුහුණුවීම් සිදු කර ඇති අතර තරගාවලිය තුළ කිසිඳු සෞඛ්‍ය අවධානමක් ඇතිවීම වැළැක්වීම සඳහා 2021 අගෝස්තු මස 20 වන දින දක්වා එය ක‍්‍රියාත්මක වනු ඇත. නරඹන්නන් නොමැතිව පවත්වනු ලැබූ තරගය සුප‍්‍රීම් ටීවී, චැනල් අයි සහ Dailog papare.com  යන නාලිකා ඔස්සේ සජීවීව විකාශනය කෙරිණි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි