ගුවන් හමුදා පර්යේෂණ හා සංවර්ධන පක්ෂාංගයේ නව අණදෙන නිළධාරීතුමන් වැඩ භාර ගනී.
11:54am on Friday 29th October 2021
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක මූලික කදවුරෙහි ස්ථාපිත කර ඇති පර්යේෂණ හා සංවර්ධන පක්ෂාංගයේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඒකේකේආර් අබේසිංහ මහතා විසින් එම ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එම්පීපීසී පෙරේරා මහතා හට නිළවශයෙන් භාරදීමේ පෙළපාලිය බලඝණ පරිශ‍්‍රයේදී 2021 අගෝස්තු මස 15 වන දින සිදුවිය.

නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එම්පීපීසී පෙරේරා මහතා පර්යේෂණ හා සංවර්ධන පක්ෂාංගයේ අණදෙන නිළධාරී තුමන් ලෙස වැඩ භාර ගැනීමට ප‍්‍රථම ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුරේ මූලික තත්ත්ව සහතික නිලධාරි සහ දකුණු සූඩනයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවේ 4 වන ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමේ ප්‍රධාන ඉංජිනේරු තුමන් ලෙස කටයුතු කර ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි