ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 1 තොරතුරු තාක්ෂණ පක්ෂාංගයේ නව අණදෙන නිළධාරීතුමන් වැඩ භාර ගනී.
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 1 තොරතුරු තාක්ෂණ පක්ෂාංගයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් කේඩීසී ක‍්‍රිෂාන්ත මහතා විසින් එම ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී විංග් කමාන්ඩර ඒපීඅයි සම්පත් කුමාර මහතා හට නිළවශයෙන් භාරදීමේ පෙළපාලිය කඳවුරු පරිශ‍්‍රයේදී 2021 අගෝස්තු මස 18 වන දින සිදුවිය.

නව අණදෙන නිළධාරී විංග් කමාන්ඩර ඒපීඅයි සම්පත් කුමාර මහතා එම ධුරයේ වැඩ භාර  ගැනීමට ප‍්‍රථම අංක 1 තොරතුරු තාක්ෂණ පක්ෂාංගයේ මාණ්ඩලික නිලධාරී II ධුරයෙහි රාජකාරී ඉටු කරන ලදී.නික්ම යන අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් කේඩීසී ක්‍රිෂාන්ත මහතා ගුවන් හමුදා මූලස්ථානයේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂක කාර්යාලයේ මාණ්ඩලික නිලධාරියෙකු ලෙස රාජකාරි කටයුතු කරනු ඇත.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි