හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර ලේ දන් දීමේ ව්‍යාපාරයක් පවත්වයි.
11:58am on Friday 29th October 2021
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර 2021 අගෝස්තු මස 20 වෙනි දින කඳවුරු පරිශ්‍රයේදී ලේ දන් දීමේ ව්‍යාපාරයක් පවත්වන ලදී. කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කපිතාන් කේඒපීඑස් කුරුවිට මහතාගේ මඟ පෙන්වීම යටතේ පොලොන්නරුවේ දිස්ත්‍රික් මහ රෝහලේ ලේ බැංකුව සමඟ එක්ව මෙම ලේ දන් දීමේ ව්‍යාපාරය පවත්වන ලදී.

රට තුළ පවතින වසංගත තත්ත්වය තුළ රුධිර ඉල්ලුම සපුරාලීම සඳහා ජාතික රුධිර පාරවිලයන සේවයට රුධිරය පරිත්‍යාග කිරීම මෙම ව්‍යාපාරය පැවැත්වීමේ පරමාර්ථය විය.මෙම අවස්ථාව සඳහා කඳවුරු අණදෙන නිළධාරීතුමන්, සීමිත නිළධාරීන් පිරිසක්, සෙසු නිලයන් සහ කඳවුරු සිවිල් කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගී විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි