ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව විසින් තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයක් ගල්ගමුව රණවිරු උපහාර මූලික රෝහලට ප‍්‍රදානය කෙරේ.
12:11pm on Friday 29th October 2021
කොවිඞ්-19 ආසාදිතයින් හට ප‍්‍රතිකාර කිරීම සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයක් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර මූලික කඳවුරු වැඩ බලන අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එන් සපුගස්තැන්න මහතා විසින්  වෛද්‍ය අනුරංග සේනානායක මහතා වෙත නිළ වශයෙන් භාරදිම ඊයේ දින (2021 අගෝස්තු මස 28 වන සිදු විය.

ශ‍්‍රි ලංකා ගුවන් හමුදා කටුනායක මුලික කඳවුරු සාමාන්‍ය ඉංජිනේරු පක්‍ෂාංගය හා ගුවන් හමුදා රත්මලාන මුලික කදවුරු විiුත් හා විදුලි සංදේශ ඉංජිනේරු පක්ෂාංගය එක්ව නිෂ්පාදනය කරන ලද මෙම තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකය කොවිඞ් රෝගීන් සඳහා ප‍්‍රතිකාර කිරීමට ගල්ගමුව රණවිරු උපහාර මූලික රෝහල වෙත ලබා දීමට නියමිතව ඇත.

මෙම අවස්ථාව සදහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර මූලික කඳවුරේ නිළධාරීන් හා සෙසු නිළයන් කිහිපදෙනෙකු හා ගල්ගමුව රණවිරු උපහාර මූලික රෝහලේ කාර්යය මණ්ඩලයේ සුළු පිරිසක් සහභාගි වී සිටි අතර මෙම වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශය  සහ ජාතික කොවිඞ් මර්ධනය කාර්ය සාධක බලකායේ කොවිඞ් 19 වැලැක්වීමේ නිර්දේශයන්ට අනුකූලව පවත්වන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි