ගුවන් හමුදා ආධුනික කැඩෙට් නිළධාරින්, නිළධාරිනියන්, ගුවන් භට හා ගුවන් කාන්තාවන්ගෙ විසිර යාමේ පෙළපාලිය
12:13pm on Friday 29th October 2021
අංක 66 බඳවා ගැනීමේ ශිෂ්‍ය නිලධාරී, අංක 18 බඳවා ගැනීමේ කාන්තා ශිෂ්‍ය නිලධාරි පාඨමාලාව සහ අංක 170 නිත්‍ය ගුවන් භට, අංක 40 නිත්‍ය ගුවන් කාන්තා සහ අංක 37 ඉදුරාම බදවාගැනිමේ පාඨමාලාවන්හි මුලික සටන් පුහුණු පාඨමාලාව සාර්ථකව හදාරිමෙන් අනතුරුව විසිර යාමේ පෙළපාලිය 2021 අගෝස්තු 25 වන දින ශී‍්‍ර ලංකා  ගුවන් හමුදා සටන් පුහුණු පාසලේදී පැවැත්විණි. මෙම පෙළපාලිය සටන් පුහුණු පාසලේ නිලධාරී අණදෙන පුහුණු විංග් කමාන්ඩර් නිරෝෂ සේනාධීර විසින් අණ දෙන ලදී.

පුහුණු අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් එච්එස්එස් තුයියකොන්තා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය. මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණදෙන නිළධාරී එයාර් කොමදෝරු පීඑස්එන්  ප‍්‍රනාන්දු මහතා ඇතුළු සියලුම නිලධාරීන් සහ සේවා පුද්ගලයින් ද සහභාගී වු අතර රට තුළ පවතින කොවිඞ්-19 වැලැක්වීමේ සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව මෙම අවස්ථාව සංවිධානය කරන ලදී.

අංක 66 බඳවා ගැනීමේ ශිෂ්‍ය කැඩෙට් නිලධාරින් 62ක් සහ අංක 18 කාන්තා  ශිෂ්‍ය කැඩෙට් නිලධාරිනියන් සමඟ ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන් 503 දෙනෙකු ඊයේ සටන් පුහුණු පාසලෙන් විසිර ගියහ. පුහුණු අධ්‍යක්ෂවරයා විසින් පෙළපාලිය අතරතුර නවකයින් අමතා මූලික සටන් පුහුණුව සාර්ථකව නිම කිරීම පිළිබඳව ඔවුන්ට සුභාසිංශන එක් කළ අතර ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් කීර්තිමත් හා සටන්කාමී ගුවන් හමුදාවක සාමාජිකයෙකු වී මාතෘ භූමියට සේවය කිරීම සඳහා වගකීම් උරදීමේ වැදගත්කම අවධාරණය කළේය.

අංක 66 බඳවා ගැනීමේ ශිෂ්‍ය නිලධාරීන් සහ අංක 18 බඳවා ගැනීමේ කාන්තා
ශිෂ්‍ය නිලධාරී මූලික සටන් පුහුණු පාඨමාලාවේ විශේෂ සම්මානලාභීන්

දක්ෂතම වෙඩික්කරු
කැඩෙට් නිලධාරි මාපටුන එම්ඒවී

සරඹ අතින් දක්ෂතම කැඩෙට් නිලධාරි
කැඩෙට් නිලධාරි හෙට්ටිආරච්චිගේ එල්වීඑම්

දක්ෂතම ශිෂ්‍යයා
නිලධාරි කැඩෙට් බණ්ඩාර ඩබ්එම්යූඑම්

දක්ෂතම තුන් ඉරියව් කෙඩෙට් නිළධාරී
නිලධාරි කැඩෙට් අධිකාරි

අංක 170 නිත්‍ය ගුවන් භටයින් සහ අංක 37 ඉඳුරාම බදවා ගැනිමේ පාඨමාලාවන්හි විශේෂ සම්මානලාභීන්

දක්ෂතම වෙඩික්කරු
අධුනික ගුවන් භට චන්ද්‍රරත්න එච්එම්එස්එස්

සරඹ අතින් දක්ෂතම ගුවන් භටයා
අධුනික ගුවන් භට ජයලත් ඒසීඑස්

දක්ෂතම ශිෂ්‍යයා
අධුනික ගුවන් භට ඒකනායක ඊඑම්ආර්පීඩි

සෑම අතින්ම දක්ෂතම ගුවන්භටයා
අධුනික ගුවන් භට විමලධර්ම ජේපීසි

අංක 40 නිත්‍ය ගුවන් කාන්තා පාඨමාලාවේ විශේෂ සම්මානලාභීන්

දක්ෂතම වෙඩික්කාරිය
අධුනික ගුවන් කාන්තා ධම්මික ආර්එස්

සරඹ අතින් දක්ෂතම ගුවන් කාන්තාව
අධුනික ගුවන් කාන්තා පෙරේරා යූඑස්එච්

දක්ෂතම ශිෂ්‍යයාව
අධුනික ගුවන් කාන්තා මදුවන්ති කුමාරි ඩබ්ලිව්කේ

සෑම අතින්ම දක්ෂතම ගුවන් කාන්තාව
අධුනික ගුවන් කාන්තා සත්සරණි ආර්පීකේ


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි