අම්පාර, බදුල්ල, කළුතර සහ පොල්ගස්ඕවිට යන රෝහල් වෙත තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකක ප‍්‍රධානය කෙරේ
10:49am on Saturday 11th December 2021
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අම්පාර, බදුල්ලල, කළුතර සහ පොල්ගස්ඕවිට රජයේ රෝහල් වෙත තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකක ප‍්‍රධානය කරන ලදී. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් පරිදි මෙම පුණ්‍ය කර්තව්‍යය සිදු කරනු ලැබුවේ කොවිඩ්-19 ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යොදා ගැනීම සඳහාය.

මෙහිදී අම්පාර ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන මහතා විසින් තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයක් අම්පාර මහ රෝහල වෙත භාර දෙන ලදී. වෛද්‍ය අශෝක විසින් මෙම ඒකකය නිෂ්පාදනය සඳහා මුල්‍ය ආධාර සපයන ලදී.

දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් නිරෝෂ් සේනාධීර විසින් තවත් තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයක් බදුල්ල මහ රෝහල වෙත භාර දෙන ලදී. නුගේගොඩ සෙත් සදන මෙත් මග සමාජසත්කාර සංවිධානයේ සභාපති රජිත් තෙන්නකෝන් මහතා විසින් මෙම ඒකකය නිෂ්පාදනය සඳහා මුල්‍ය ආධාර ලබා දෙන ලදී.

පොල්ගස්ඕවිට දිසා රෝහලට රත්මලාන ගුවන් හමුදා කඳවුර විසින් තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයක් ලබා දෙන ලදී. ගුවන් හමුදාව වෙනුවෙන් විංග් කමාන්ඩර් ප්‍රියංග රාජපක්ෂ විසින් භාර දීම සිදු කලේය. මෙම ඒකකය නිෂ්පාදනය සඳහා මුල්‍ය ආධාර සපයන ලද්දේ ඩබ්ලිව්ආර්එම් පෙරේරා මහත්මිය විසිනි.

කළුතර නාගොඩ මහ රෝහලට ද කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුර විසින් තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයක් ලබා දෙන ලදී. ගුවන් හමුදාව වෙනුවෙන් ස්කොඩ‍්‍රන් ලීඩර් සුරංග වනිගරත්න විසින් පරිත්‍යාග කිරීම සිදු කලේය. මෙම ඒකකය නිෂ්පාදනය සඳහා මුල්‍ය ආධාර නවීන් ගුණතිලක මහතා විසින් සපයන ලදී.

තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකක කටුනායක ගුවන් හමුදා සාමාන්‍ය ඉංජිනේරු පක්‍ෂය විසින් නිෂ්පාදනය කරන ලද අතර එය විද්‍යුත් සැලසුම් ගුවන් හමුදා රත්මලාන ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ පක්ෂාංගය විසින් සිදු කරන ලදී. තවද සියලුම සිදුවීම් කොවිඩ් වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමෙන් පවත්වන ලද අතර නිලධාරීන් හා සෙසු නිලයන් කිහිප දෙනෙකු සහභාගී විය.

Ampara General Hospital

Badulla General Hospital

Polgasowita (Wathara) District Hospital

Nagoda General Hospital
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි