සන්නද්ධ සේවා පුදිගලයින් සඳහා වු අංක 05 කැලෑබද සටන් සහ ගුවන් සංග්‍රාමික මෙහෙයුම් පුහුණු පාඨමාලාව මොරවැවේදී නිමා වෙයි
11:04am on Saturday 11th December 2021
සන්නද්ධ සේවා පුදිගලයින් සඳහා වු අංක 05 කැලෑබද සටන් සහ ගුවන් සංග්‍රාමික මෙහෙයුම් පුහුණු පාඨමාලාව ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කදවුරේ රෙජිමේන්තු විශේෂ බලකා පුහුණු පාසල විසින් ඔක්තෝබර් මස 16 වන දින අවසන් වු අතර මේ සඳහා ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකායේ, කමාන්ඩෝ රෙජිමේන්තුවේ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණය, මැරීන් බළඝණය, යුධ හමුදාවේ ගුවන් සංක‍්‍රමණික බලකාය, ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකාය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා සෙබළුන් සහභාගී විය.

මෙම පාඨමාලාව නිර්මාණය කර ඇත්තේ කඹ ආධාරයෙන් කල හැකි විවිධ අභ්‍යාස රාශියක් හා විශේෂ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා අවශ්‍ය පුහුණුවීම් ද, කැලෑබද සටන් සහ ගුවන් සංග්‍රාමික මෙහෙයුම් ද ඇතුලත් බැවින් මෙම පුහුණු  වැඩසටහන මාසයක් පුරාවට පවත්වනු ලැබේ.

මෙම පාඨමාලාව සාර්ථකව නිම කළ සන්නද්ධ සේවා පුද්ගයින් හට සහතිකපත් ප්‍රදානය සහ සමාප්ති උත්සවය ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බළකායේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ප්‍රියදර්ශන හෙට්ටිආරච්චිගේ සහභාගීත්වයෙන් ඊයේ පැවැත්විණි.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි