ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ නියෝජිත පිරිසක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
11:06am on Saturday 11th December 2021
ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ විසි දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් 2021 ඔක්තෝබර් 16 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.මෙම නියෝජිත පිරිසේ ප‍්‍රධානිය වශයෙන් මේජර් ජෙනරල් හරී බී පිල්ලෙයි කටයුතු කරන අතර අනෙක් නියෝජිතයින් දැනට ශ්‍රී ලංකාවට අධ්‍යයන චාරිකාවේ යෙදී සිටින නිලධාරීන් වේ.

මේජර් ජෙනරල් හරි බී පිල්ලෙයි මහතා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හමුවූ අතර දෙපාර්ශවය අතර සමරු ඵලක හුවමාරු කර ගැනීමක්ද සිදු කරන ලදී.

ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් කපිල වනිගසූරිය මහතා විසින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉතිහාසය, පශ්චාත් යුධ කාර්යභාරය සහ අභියෝග සම්බන්ධව දේශනයක් පවත්වන ලදී.මෙම ඉදිරිපත් කිරීම සඳහා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ඇන්ඩෲ විජේසූරිය, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය.

කොවිඩ්-19 වසංගතය වැලැක්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපදිමින් මෙම හමුවීම සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි